SKIP TO MAIN CONTENT

Gem Visa, Go Master ක්‍රෙඩිට්කාඩ් හිමි Latitude සමාගමටත් සයිබර් ප්‍රහාරයක්, පාරිභෝගික ලේඛන 330,000 ක් සොරාගෙන

Latitude Financial නැමති මෙම සමාගම හරහා ඔස්ට්‍රේලියාවේ ඉතා ජනප්‍රිය ක්‍රෙඩිට් කාඩ්පත් වන Gem Visa සහ Go Master කාඩ්පත් නිකුත් කර ඒවා මෙහෙයවනු ලබයි.

Blue silhouette hacker
Latitude Financial says it appears to have been hit by a sophisticated and malicious cyber attack, originating from a major vendor. Source: Getty / Getty Images

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක තවත් මුල්‍ය සමාගමකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

Latitude Financial නැමති මෙම සමාගම හරහා ඔස්ට්‍රේලියාවේ ඉතා ජනප්‍රිය ක්‍රෙඩිට් කාඩ්පත් වන Gem Visa සහ Go Master කාඩ්පත් නිකුත් කර ඒවා මෙහෙයවනු ලබයි.

එමෙන්ම Latitude Financial සමාගම ඔස්ට්‍රේලියානුවාසීන්ට පුද්ගලික සහ වාහන ණය පහසුකම්ද ලබාදෙයි.

Latitude Financial වෙත එල්ලවූ සයිබර් ප්‍රහාරය

මෙම සයිබර් ප්‍රහාරය හරහා Latitude Financial සමාගම වෙතින් ඔවුන්ගේ පාරිභෝගික වාර්තා සහ පාරිභෝගික අනන්‍යතා ලේඛන 330,000කට ආසන්න ප්‍රමාණයක් සොරකම් කර ඇත.

අපරාධකරුවන් සේවකයෙකුගේ log-in තොරතුරු වෙත ප්‍රවේශ වී පසුව සේවා සපයන්නන් දෙදෙනෙකුගෙන් Latitude Financial හි පාරිභෝගික තොරතුරු සොරකම් කළ බව සමාගම විශ්වාස කරයි.

එක් සැපයුම්කරුවෙකුගෙන් 103,000ක් පමණ පාරිභෝගික අනන්‍යතා ලේඛන සොරකම් කර ඇති බව පෙනී ගොස් ඇති බවත් ඒවා බොහෝ දුරට රියදුරු බලපත්‍ර යැයි විශ්වාස කරන බවත් Latitude Financial සමාගම පවසයි.

දෙවන සැපයුම්කරුගෙන් තවත් පාරිභෝගික වාර්තා 225,000ක් සොරකම් කර ඇත.

ප්‍රධාන සමාගම් රැසක් සමග ගනුදෙනු කිරීම

American Express සමඟ සිය කොන්ත්‍රාත්තුව අවසන් වූ පසු ජනවාරි මාසයේදී David Jones සමාගම සිය පාරිභෝගිකයින්ට ක්‍රෙඩිට් කාඩ්පත් සැපයීම සඳහා Latitude Financial සමාගම සමග වසර 10 ක ගිවිසුමක් අත්සන් කළේය.

ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ සමාගම් ත්‍රිත්වයක් වන JB Hi-Fi, The Good Guys සහ Harvey Norman සමාගම්වලින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා අදාළ පාරිභෝගිකයින්ට ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීම පිණිස Latitude Financial සමාගම ගිවිසුම් අත්සන් කර ඇත.

ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ලබාදෙන පොලි රහිත භාණ්ඩ මිලදී ගැනීමේ සේවාව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ බොහෝ පාරිභෝගිකයින් මෙම ක්‍රෙඩිට් කාඩ්පත් ලබාගෙන තිබේ.

විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක්ද මෙම සමාගමේ පාරිභෝගිකයින් බව වාර්තා වේ. 

Latitude සමාගම සමාව ඉල්ලයි

Latitude සමාගම සිදුවූ දේ පිළිබඳ සමාව ඉල්ලා ඇති අතර බලපෑමට ලක් වූ පාරිභෝගිකයින් සම්බන්ධ කර ගනිමින් සිටී.

තවත් දත්ත ගැනීම නැවැත්වීමේ උත්සාහයක් ලෙස ඇතැම් customer-facing සහ අභ්‍යන්තර පද්ධති ඉවත් කර ඇත.

මේ අතර Latitude Group Holdings සමාගම මාර්තු 20 දක්වා වෙළඳාම නතර කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ මිලියන භාගයක් පමණ ගනුදෙනුකරුවන් විසින් භාවිතා කර ඇති එහි buy-now-pay-later ක්‍රමය අවසන් කරන බව මීට සති තුනකට පෙර සමාගම හෙළි කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now