SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු රජය විසින් කොරෝනා පැතිර යාමත් සමග හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව අත්හිටුවයි (SBS සිංහල / වාර්තා)

g
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ඕස්ට්‍රේලියානු ජාතික කැබිනට් මණ්ඩලය විසින් Australian Health Protection Principal Committee කමිටුවේ උපදෙස් පරිදි අද එනම් මාර්තු 25 වැනිදා පස්වරු 11.59 සිට ඕස්ට්‍රේලියාවේ සියලු හදිසි නොවන ඉල්ලුම් කර සිදුකරන ශල්‍ය කර්ම අත්හිටුවනු ලැබේ. Category 1 හෙවත් පළමුවැනි කාණ්ඩයේ ඉතා හදිසි ශල්‍ය කර්ම පමණක් සිදු කෙරෙන අතර සමහර අත්‍යවශ්‍ය දෙවැනි වර්ගයේ ශල්‍ය කර්ම සිදු කෙරේ.

එසේම මෙය පෞද්ගලික හා රජයේ රෝහල් වලට බලපාන අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මුව ආවරණ මිලියන 300ක් ඇනවුම් කර ඇති අතර එයින් මිලියන 30ක් ඉදිරි සති 2 තුල ලැබීමට නියමිතයි. එසේම ශල්‍යාගාර ඇඳුම් ද මිලියනයක් පමණ ඇනවුම් කර ඇති බවද වාර්තා වේ. එසේම ඕස්ට්‍රේලියානු නිෂ්පාදකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන කඩිනම්ව සිදු කරන ලෙස උපදෙස් දී තිබේ. මෙසේ ශල්‍ය කර්ම අවලංගු කිරීමෙන් ජාතික කැබිනට් මණ්ඩලය උත්සහ කරන්නේ Covid-19 වසංගතය සදහා අවශ්‍ය සම්පත් සුදානම් කොට තබා ගැනීමටයි.

සෑම රෝගියෙකුගේම ශල්‍ය වෛද්‍යවරයා විසින් එම ශල්‍ය කර්මය කුමන ගණයේ ද යනුවෙන් නිර්ණය කරනු ලබයි.

1 වැනි වර්ගයේ - දින 30 ක් තුල ප්‍රතිකාර කල යුතු වේ. රෝගියාගේ තත්වය හදිසි විය හැකියි

2 වැනි වර්ගයේ - ඉදිරි දින 90 තුල ප්‍රතිකාර කල යුතු වේ. වේදනාත්මක , ආබාධිත තත්වයක් විය හැකියි, රෝගයාගේ හදිසි තත්වයක් නොවේ

3 වැනි වර්ගයේ - ඉදිරි වසර තුල ප්‍රතිකාර අවශ්‍ය වේ. වේදනාත්මක , ආබාධිත තත්වයක් විය හැකියි, රෝගියාට හදිසි තත්වයක් ඇති නොවේ.

මේම ශල්‍ය කර්ම කුමන තත්වයේදැයි තීරණය කිරීම අදාළ වෛද්‍යවරයා සතු වේ.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය පද්ධතිය තව දුරටත් හදිසි තත්වයන්ට මුහුණ දෙන රෝගීන් සදහා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරනු ඇත. මේ සියලු තීරණ ඕස්ට්‍රේලියානු ජීවිත බේරා ගැනීම සදහා යොදා ගන්නා බවද රජය පවසයි.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ගේ මාධ්‍ය නිවේදනය ඇසුරිනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now