SKIP TO MAIN CONTENT

අර්ජුන් ඇලෝසියස්ගේ සියලුම විද්‍යුත් උපකරණ පරික්ෂාවට නියෝග.

Aloysius hands over electronic devices to CID
Source: Daily News

2 min read

Published

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑණා වන පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට්, පරිගණක ඇතුලු සියලුම විද්‍යුත් සන්නිවේදන උපකරණ සියල්ලම විමර්ශණ නිලධාරීන්ට බාර දෙන ලෙස බැඳුම්කර කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතාට ඊයේ (24/07) නියම කළේය.

බැඳුම්කර කොමිසමේ සාක්කි විභාග කරන අතරතුර ඇතිවු තත්වයක් මත 2015 සහ 2016 කාලයන්හිදී අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කරන ලද විද්‍යුත් සන්නිවේදන උපකරණ සියල්ලම කොමිසම බාරයට ගන්නා ලෙස කළ ඉල්ලීමක් පිළිගනිමින් කොමිසම එලෙස නියම කළේය.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කොමිසම අමතමින් තම සේවාදායකයා 2015 සහ 2016 කාල වලදී භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට්, පරිගණක ඇතුලු සියලුම විද්‍යුත් සන්නිවේදන උපකරණ කොමිසමට බාර දෙන ලෙස දැනුම් දී ඇතැයි කීය.

තම සේවාදායකයා මිලදී ගත් ජංගම දුරකථන ඇතුලු ඇතැම් විද්‍යුත් සන්නිවේදන උපකරණ පිළිබඳව ඔහුටවත් මතකයක් නැති බව ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කොමිසම අමතමින් වැඩිදුරටත් කියා සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now