ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත වුවහොත් වෙනස්කොට සැලකීමට එරෙහිව පවතින නීති වෙනස් කළ යුතු බවට ලිබරල් සන්ධානයෙන් යෝජනාවක්.

 same-sex marriage bill

Source: SBS

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත වුවහොත් පවතින anti-discrimination නීති හෙවත් වෙනස්කොට සැලකීමට එරෙහිව ඇති නීති වෙනස් කළ යුතු බව ලිබරල් සන්ධාන රජයේ ඇතැම් මන්ත්‍රීවරු පවසති.

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත වුවහොත් විවාහ සේවා සපයන ආයතන වලට තමන් අකමැති නම් සමලිංගික  විවාහ මංගල උත්සව සඳහා සේවා සැපයීමෙන් වැළකී සිටීමට හැකි බව සඳහන් කරමින් නව යෝජනාවක් ලිබරල් සෙනට් සභික James Paterson විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලදී.



නමුත් එය සදාචාරාත්මක නොවන බවත් ඔස්ට්‍රේලියාවේ වෙනස්කොට සැලකීමට එරෙහිව ඇති නීති වෙනස් නොකරන බවත් අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පැවසීය.

මේ අතර ලිබරල් සන්ධාන සෙනට් සභික James Paterson විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද එම පනත සමලිංගික විවාහ නීතිගත කිරීම ප්‍රමාද කිරීමට උත්සාහ දරන උපක්‍රමයක් බවට කම්කරු පක්ෂයේ සෙනට් සභික Penny Wong චෝදනා කරයි.

SBS පුවත් ඇසුරෙනි.


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service