SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත වුවහොත් වෙනස්කොට සැලකීමට එරෙහිව පවතින නීති වෙනස් කළ යුතු බවට ලිබරල් සන්ධානයෙන් යෝජනාවක්.

 same-sex marriage bill
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත වුවහොත් පවතින anti-discrimination නීති හෙවත් වෙනස්කොට සැලකීමට එරෙහිව ඇති නීති වෙනස් කළ යුතු බව ලිබරල් සන්ධාන රජයේ ඇතැම් මන්ත්‍රීවරු පවසති.

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත වුවහොත් විවාහ සේවා සපයන ආයතන වලට තමන් අකමැති නම් සමලිංගික  විවාහ මංගල උත්සව සඳහා සේවා සැපයීමෙන් වැළකී සිටීමට හැකි බව සඳහන් කරමින් නව යෝජනාවක් ලිබරල් සෙනට් සභික James Paterson විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලදී.

නමුත් එය සදාචාරාත්මක නොවන බවත් ඔස්ට්‍රේලියාවේ වෙනස්කොට සැලකීමට එරෙහිව ඇති නීති වෙනස් නොකරන බවත් අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පැවසීය.

මේ අතර ලිබරල් සන්ධාන සෙනට් සභික James Paterson විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද එම පනත සමලිංගික විවාහ නීතිගත කිරීම ප්‍රමාද කිරීමට උත්සාහ දරන උපක්‍රමයක් බවට කම්කරු පක්ෂයේ සෙනට් සභික Penny Wong චෝදනා කරයි.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now