Amazon වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාවේ වෙළද කටයුතු ආරම්භ කරයි. සම්ප්‍රදායික සිල්ලර වෙළද ව්‍යාපාර අවදානම් සහගත තත්වයක?

E-commerce giant Amazon has confirmed it will launch its full retail offering in Australia.

E-commerce giant Amazon has confirmed it will launch its full retail offering in Australia. Source: AAP

අන්තර්ජාලය ඔස්සේ තම වෙළද කටයුතු කරන දැවැන්ත ඇමරිකානු සමාගමක් වන Amazon සමාගම ඕස්ට්‍රේලියාව  තුල තම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමත් සමග එය දැනට පවතින සුපිරි වෙළද සැල්  වන Woolworths සහ Coles වැනි ආයතන සදහා බලපාන ආකාරය පිළිබද මේ වන විට කතා බහක් ඇතිව තිබේ.

 

පසුගියදා මෙල්බර්න් නුවරදී පැවති Woolworth's සමාගමේ මහා සභා රැස්වීමේදී එහි සභාපති තම ආයෝජකයින් හමුවේ ප්‍රකාශ කර තිබුනේ තම සමාගම Amazon අන්තර්ජාලය කේන්ද්‍ර කරගත් ව්‍යාපාර ක්‍රමවේදය සමගින් සටන් තරග කිරීමට සුදානම් බවයි.  මේ සදහා එක්  විසදුමක් ලෙස තම Click and Collect සේවාව තවත් දියුණු කිරීමට  Woolworth's සමාගම කටයුතු යොදා ඇති බව සදහන්.

 

මේ අතර වෙළද පොළ පිළිබද පර්යේෂණ වල නිරත ආයතනයක් වන Nielsen සමාගම  සිදුකල සමීක්ෂණයකට අනුව හෙළි වී තිබෙන්නේ පසුගිය මාසය තුල ඕස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රියතම අන්තර්ජාල වෙළද ආයතනය (Online store )  Woolworth  වෙබ් අඩවිය බවයි. මෙහි දෙවැනි තැන හිමිව ඇත්තේ Amazon United States  වෙබ් අඩවියටයි. මිලියන 6.7 ක ඕස්ට්‍රේලියානුවන් පිරිසක් පසුගිය ඔක්තෝබර් මාසයේ  Woolworth's වෙබ් අඩවිය භාණ්ඩ මිලදී ගැනීම සදහා භාවිතා  කර ඇති අතර මිලියන  4.6 පිරිසක් Amazon US වෙබ් අඩවිය භාවිත කර ඇති බව සදහන්. තවද Coles වෙබ් අඩවිය තුන්වැනි ස්ථානයේ සිටින අතර මිලියන  3.7 ක් ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින් ප්‍රමණයක් එම වෙබ් අඩවිය භාණ්ඩ මිලදී ගැනීම් සදහා භාවිත කර තිබේ.

 

Amazon සමාගම තම වෙබ් අඩවිය ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින් හට නියමාකාරයෙන් විවෘත  කරන දිනය ප්‍රකාශයට පත් වී නැතත් පර්යේෂණ මට්ටමින් තම වෙබ් අඩවිය (Online Store ) පාරිභෝගිකයින් වෙත පසුගිය බ්‍රහස්පතින්දා (23) විවෘත කරනු ලැබුවා. බොහෝ දෙනෙක් මේ පිලිබදව විමසිල්ලෙන් සිටියත්, එදින මෙම වෙබ් අඩවිය තාක්ෂණික ගැටළු කීපයක් හේතුවෙන් නිසි අයුරින් ක්‍රියාත්මක නොවූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන කීපයක් වාර්තා කර තිබිණි

 

 

තවද ඉතා කුඩා ව්‍යාපාරිකයින් හට තම නිෂ්පාදන Amazon වෙබ් අඩවිය හරහා ලොව පුරා  බෙදා හැරීමට තමන් අවස්ථාව උදා  කර දෙන බව එම වෙබ් අඩවියේ කළමනාකාරිත්වය පසුගියදා ප්‍රකාශ කර තිබිණි. මිලියන 300කට අධික පිරිසක් දිනපතා Amazon වෙබ් අඩවිය භාවිත කරන බැවින් තම නිෂ්පාදන සදහා පුළුල් වෙළදපොලක් ලගා  කරගැනීමට එමගින් හැකි වනු ඇති බව සමහරක් කුඩාපරිමාණ ව්‍යාපාරිකයින්ගේ මතය වී තිබේ. මේ පිලිබදව ABC මාධ්‍ය ජාලයට  අදහස් දැක්වූ KoalaSafe නම් ආයතනයේ සම නිර්මාතෘ Adam Mills සදහන් කර තිබුනේ තම නිෂ්පාදන විකිණීමේදී Amazon වෙබ් අඩවිය සදහා සියයට 6ක කොමිස් මුදලක් ගෙවන විට සමහරක් සිල්ලර වෙළද ආයතන  සියයට 50 දක්වා වූ  ප්‍රතිශතයක් තම නිෂ්පාදන වලින් බලාපොරොත්තු වන බවයි. ඒ නිසා තමන් අන්තර්ජාලය ඔස්සේ වෙළද කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දක්වන බවද ඔහු වැඩි දුරටත් සදහන් කර තිබිණි.

 

Nielsen වෙළද පොළ අධ්‍යන සමාගම  පවසන ආකාරයට Amazon වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව  තුල තම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමත් සමග එය ඕස්ට්‍රේලියානු සිල්ලර වෙළද කේෂ්ත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව සදහන්. තවද UBS නම් ආයතනයද Amazon වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව  තුල ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම පිළිබද සමීක්ෂණයක් සිදු කර ඇති අතර 1000කට අධික ඕස්ට්‍රේලියානුවන් පිරිසක් සහභාගී වූ එම සමීක්ෂණයට අනුව අනාවරණය වී ඇත්තේ සියයට 42කට අධික පිරිසක් එම වෙබ් අඩවිය දියත් කිරීමෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ තම භාණ්ඩ මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.


Share

3 min read

Published

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service