ඔස්ට්‍රේලියාව යනු ඇමෙරිකාවට සිටින හොඳම මිතුරා බවට Donald Trump ගෙන් ප්‍රකාශයක්.

President Donald Trump meets with Australian Prime Minister Malcolm Turnbull aboard the USS Intrepid, a decommissioned aircraft carrier docked in the Hudson River in New York, Thursday, May 4, 2017. (AP Photo/Pablo Martinez Monsivais)

President Donald Trump meets with Australian Prime Minister Malcolm Turnbull aboard the USS Intrepid, a decommissioned aircraft carrier Source: AP

ඇමෙරිකානු ජනාධිපති Donald Trump සහ ඔස්ට්‍රේලියානු අගමැති Malcolm Turnbull අතර ප්‍රථම නිල හමුව පැය තුනක ප්‍රමාදයකින් පසුව ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (05/05) පෙරවරු 9.15 ට සිදු විය.

එම හමුව පැවැත්වුණේ  Hudson ගංගාවේ නවතා ඇති දෙවන ලෝක යුද්ධයේදී ඇමෙරිකානු නාවික හමුදා භාවිත කළ යුධ ප්‍රහාරක යානා ගෙන යන  USS Intrepid නැමති නෞකාවෙහිය.

මීට ප්‍රථම එය පැවැත්වීමට නියමිතව තිබුනේ Manhattan නුවර  Peninsula හෝටලයේදීය.

මෙහිදී දෙරටේ රාජ්‍ය නායකයින්ගෙන් පැමිණ සිටි ජනමාධ්‍යවේදීන් විවිධ ප්‍රශ්න ඇසූවේය.

පසුගිය ජනවාරි මස නායකයින් දෙපළ අතර "සරණාගතයින් ස්ථාපනය කිරීම" පිළිබඳ ඇතිවූ උණුසුම්වූ දුරකතන සංවාදය පිළිබඳ මාධ්‍යවේදීන් විමසු කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ "එවැනි කෝපකාරි සංවාදයක් ඇති නොවූ බවත් මාධ්‍යයෙන් එය අතිශෝක්තියක් බවට පත් කෙරුණු බවත්ය."

ඔස්ට්‍රේලියාව යනු ඇමෙරිකාවට සිටින හොඳම මිතුරා බවත්  ඇමෙරිකානු ජනාධිපති ලෙස තමන් ඔස්ට්‍රේලියාවේ සංචාරයකට පැමිණෙන ලෙසත් Donald Trump එහිදී ප්‍රකාශ කළේය.

දෙරටේ රාජ්‍ය නායකයින් දෙදෙනා ඇතුළු සම්භාවනීය අමුත්තන් කොරල් මුහුදේ යුද්ධයේ 75 වන සංවත්සරයද මෙහිදී සැමරූ බව වාර්තා වේ.

ඇමෙරිකානු ජනාධිපති Donald Trump සහ ඔස්ට්‍රේලියානු අගමැති Malcolm Turnbull අතර ප්‍රථම නිල හමුව පැය තුනකින් ප්‍රමාද වීමට හේතුව ලෙස වාර්තා වුයේ ඇමෙරිකාවේ අඩු වියදම් මහජන සෞඛ්‍ය රක්ෂණයක් වන "Obama care" වෙනස් කිරීමට ඇමෙරිකානු පහළ මන්ත්‍රණ සභාවේ ඡන්ද විමසීමය.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now