SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී ඇඹුල්දෙණියගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

Lasith Ambuldeniya
Source: cricket.lk

1 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය ඊයේ නිමාවට පත් විය.

තරඟය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 339ක් ලබා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී ලකුණු 381ක් රැස්කොට ඇති අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත කණ්ඩායම ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 42ක් පිටුපසින් සිටී.

තරඟය අතරතුර සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සමත් වී ඇති අතර ඔහු ලකුණු 132කට කඩුලු 07ක් දවා ගැනීමට සමත් විය.

24 හැවිරිදි ලසිත් ඇඹුල්දෙණිය මේ දක්වා ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 66කට කඩුලු 05ක් දවා ගැනීම ඔහුගේ හොඳම දක්ෂතාව ලෙස සටහන් විය.

දෙවන තරඟයේදී ලකුණු අතරට පිවිසි එංගලන්ත නායක Joe Root ලකුණු 186ක් ලබාගෙන ඇති අතර ඔහු ඊයේ දිනයේදී සිය 19 වැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් විය.

මෙය ඔහු ශ්‍රී ලංකාව තුල ලබාගත් 3 වැනි ටෙස්ට් ශතකය වශයෙන් වාර්තා අතරට එක් වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now