SKIP TO MAIN CONTENT

නිව්යෝර්ක් නුවර පිපිරුම ත්‍රස්ත ක්‍රියාවක් බවට හඳුනා ගැනේ.

Terror Suspect Prematurely Explodes Bomb At NY's Port Authority Bus Terminal
Source: Getty Images North America

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරශ්‍රය ආසන්නයේ බස් පර්යන්තයක ඊයේ සිදුවූ පිපිරිම ත්‍රස්තවාදී ක්‍රියාවක් බව මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

27 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයෙකු නිවසේදී නිර්මාණය කළ බෝම්බයක් තමාගේ සිරුරේ සවි කරගෙන කාර්ය බහුල වේලාවකදී නිව්යෝර්ක් නුවර  පිහිටි ජනාකීර්ණ බස් නැවතුම් පොළකදී මෙම පිපිරුම සිදු කර තිබේ.

අදාළ පුද්ගලයාට බරපතල තුවාල සිදුවී ඇති බවත් තවත් පුද්ගලයින් තිදෙනෙකු මෙම සිද්ධිය නිසා තුවාල ලබා ඇති බවත් නිව්යෝර්ක් නුවර නගරාධිපති Bill de Blasio පවසයි.

අදාළ බෝම්බ කරු එක්සත් ජනපදයේ පුරවැසියෙකු බවත් ඔහු බංග්ලාදේශයේ චිතගොන් නුවර සිට ඇමෙරිකාවට පැමිණි බවත් ඔහුගේ නම Akayed Ullah ලෙස හඳුනාගෙන ඇති බවත් නිව්යෝර්ක් නුවර පොලීසිය පවසයි.

නිව්යෝර්ක් නුවර වැසියන් මෙවැනි සිද්ධි පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවත් සැමවිටම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත් නිව්යෝර්ක් නුවර නගරාධිපති Bill de Blasio පවසයි.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now