Friday the 13th අවාසනාවන්ත දිනයක් ලෙස සැලකෙන්නේ හුදෙක් මිත්‍යා විශ්වාස නිසාම පමණක්ද? (SBS සිංහල/ වාර්තා)

ග්‍රෙගෝරියානු දින දර්ශනයේ මාසයක 13 වැනි දිනය සිකුරාදාට යෙදෙන විට ඇතැමුන් සලකන්නේ එය අවාසනාවන්ත දිනයක් ලෙසය.

A car drives along a road at night.

Friday the 13th - when the 13th day of the month in the Gregorian calendar falls on a Friday - is considered by some to be an unlucky day. Source: SBS

Friday the 13th හෙවත් 13 වනදා සිකුරාදා යන්න බටහිර සංස්කෘතියේ වඩාත් ප්‍රසිද්ධ මිථ්‍යා විශ්වාසවලින් එකකි.

එය අවාසනාවන්ත පෙරනිමිත්තක් වැනි හැඟීමක් අප සිත් තුළ ඇති කළ හැකිය.
ග්‍රෙගෝරියානු දින දර්ශනයේ මාසයක 13 වැනි දිනය සිකුරාදාට යෙදෙන විට ඇතැමුන් සලකන්නේ එය අවාසනාවන්ත දිනයක් ලෙසය.

මෙම භීතිකාවට විශේෂඥ මනෝචිකිත්සකයෙකු විසින් paraskevidekatriaphobia යන යෙදුම පවා නිර්මාණය කර ඇත. අදාළ දිනයට දක්වන අතාර්තික බිය යන්න එයින් අදහස් කෙරේ.

මෙහි මූලාරම්භය අනුව, එය අවාසනාව හා සම්බන්ධ වන්නේ ඇයි සහ අප එදිනට කිසිසේත් බිය විය යුතුද යන්න සම්බන්ධයෙන් වඩාත්ම විවාදයට ලක් වූ මිථ්‍යා විශ්වාසවලින් එකක් බව Murdoch විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන ආචාර්ය Kylie Sturgess පැවසුවාය.

13 වැනි දා සිකුරාදා කතාවේ ආරම්භය

ග්‍රෙගෝරියානු දින දර්ශනය සකසා ඇති ආකාරය මත පදනම්ව අවම වශයෙන් සෑම වසරකම එක් සිකුරාදාවක්වත් 13 වන සිකුරාදා දිනයක් යෙදෙන අතර ඇතැම් විට එවැනි දින වසරකට තුනක් දක්වාත් පවතින බව ආචාර්ය Sturgess පැහැදිලි කළාය.

2023 වසරේ එය ජනවාරි සහ ඔක්තෝබර් මාසවල යෙදී තිබේ.

බටහිර සංස්කෘතීන් එම දිනය අවාසනාවන්ත ලෙස සලකන බව ඇය පැවසුවාය. එහි මූලාරම්භය මතභේදයට තුඩු දී ඇති අතර කාලයත් සමඟ පරිණාමය වී ඇත.

"13 වැනි සිකුරාදා අවාසනාවන්ත වන්නේ මන්දැයි බොහෝ දෙනෙකුට විවිධ මත තිබෙනවා." ඇය SBS ප්‍රවෘත්ති සේවයට පැවසුවාය.
පුරාණ ටියුටන් හෝ බොහෝ විට උතුරු යුරෝපීය ජනයාගේ ආගම මත පදනම් වූ මිථ්‍යාවන් සමූහයක් වන Teutonic පුරාවෘත්තයේ සඳහන්වන පරිදි Loki දෙවියන් දෙවිවරුන් 12 දෙනෙකු සඳහා අසුන්ගත් රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වන අතර ඔහු මේසයේ වාඩි වී සිටින 13 වැනියා බවට පත් කරයි. එහිදී Lokiයයි රැවටී තවත් දෙවියෙක් මරණයට පත් කෙරේ.

ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව, අවසාන රාත්‍රී භෝජන සංග්‍රහයට අමුත්තන් 13 දෙනෙකු සහභාගී වූහ. යේසුස් ක්‍රිස්තුස් සහ ඔහුගේ ගෝලයන්, එය මහා සිකුරාදා කුරුසියේ ඇණ ගැසීමට පෙර සිදු වූ බව කියනු ලැබේ.

නමුත් 13 වැනි සිකුරාදා සියලු සංස්කෘතීන් හෝ ආගම්වල අවාසනාවන්ත දිනයක් ලෙස නොසැලකේ.

හින්දු දින දර්ශනය මත පදනම්ව, 13 වන දිනය 'Trayodashi' ලෙස හැඳින්වේ, හින්දු දේව ත්‍රිත්වයේ තුන්වන දෙවියා වන ශිව දෙවියන්ට මිනිසුන් නමස්කාර කරයි.

ග්‍රීසියේ සහ ස්පාඤ්ඤ භාෂාව කතා කරන රටවල 13 වැනි අඟහරුවාදා අසුබ ලෙස සලකනු ලබන අතර ඉතාලියේ එම දිනය සිකුරාදා 17 වැනි දින වේ.
A calendar marking Friday the 13th.
Based on the Gregorian calendar, there is always at least one Friday the 13th every year and sometimes up to three. Source: Getty / Stockbyte

සාක්ෂි පවසන්නේ කුමක්ද?

මෑත වසරවලදී, එක්සත් රාජධානියේ සහ යුරෝපයේ පර්යේෂකයන් 13 වැනි සිකුරාදා කාලයේ සෞඛ්‍යය, හැසිරීම සහ මිථ්‍යා විශ්වාස අතර සම්බන්ධකම් සොයා බලා ඇත.

එක් අධ්‍යයනයක් 13 වැනි සිකුරාදා සහ ඊට පෙර සිකුරාදා ලන්ඩනයේ එක් ප්‍රදේශයක රථවාහන අනතුරු අනුපාතය දෙස පරීක්ෂා කර බැලුවේය. මාර්ගයේ රියදුරන් අඩුවෙන් සිටියද, 13 වන දින රෝහල් ගතවීම සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව සොයා ගන්නා ලදී.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
නමුත් විශාල නියැදි ප්‍රමාණයක් මේ සඳහා අවශ්‍ය බවත්, "හඳුනා නොගත් සාධකයක්" රියදුරු රටා සහ අනතුරු අනුපාත යන දෙකටම සම්බන්ධ විය හැකි බවත් එම අධ්‍යනය සටහන් කළේය.

එක්සත් රාජධානියේ විශාල රෝහලක 13 වැනි සිකුරාදාට සාපේක්ෂව ඊට පෙර සතියේ සිකුරාදා අතර හදිසියේ ශල්‍ය වෛද්‍යවරයකු කැඳවන ඇමතුම් ලබා ගැනීම අතර වෙනසක් තිබේද යන්න 2021 සිට වෙන වෙනම ගවේෂණය කරන ලදී. එහිදී සැලකිය යුතු වෙනසක් සොයා නොගත් අතර, "13 වැනි සිකුරාදා වෙනත් කිසිදු සිකුරාදාකට වඩා කාර්යබහුල බවක් නොපෙනේ" යැයි උපකල්පනය කෙරුණු බව ආචාර්ය Sturgess පැවසුවාය.

එක් අධ්‍යයනයකින් ෆින්ලන්තයේ කාන්තා රියදුරන් අතර රිය අනතුරු වල සුළු වැඩිවීමක් දක්නට ලැබුණද, මෙය "බොහෝ දුරට මිථ්‍යා විශ්වාස නිසා ඇති වූ කනස්සල්ලක් බව පර්යේෂකයන් පැවසුවේය. මෙම ප්‍රකාශය සඳහා ස්ථිර සාක්ෂි නොමැති නමුත් තවමත් පිළිගත් "මිථ්‍යා විශ්වාස සම්බන්ධ කාංසාව" ක්‍රියාත්මක විය හැකි බව පසු විපරම් අධ්‍යයනයකින් නිගමනය වූයේය.

මෙම විශේෂිත දිනයේ මිනිසුන් හැසිරෙන්නේ කෙසේද යන්න සහ ඔවුන් එය ඔවුන්ගේ ජීවිතයට හසු කරගන්නේ කෙසේද යන්න මත සමස්තයක් තීරණය වන බව මෙහිදී පැවසිය හැකි යයි ආචාර්ය Sturgess පැවසුවාය.


Share

Published

By Emma Brancatisano, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Friday the 13th අවාසනාවන්ත දිනයක් ලෙස සැලකෙන්නේ හුදෙක් මිත්‍යා විශ්වාස නිසාම පමණක්ද? (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala