මේ සති අන්තයේදී ඕස්ට්‍රේලියාවට 'අසාමාන්‍ය' උණුසුමක්, ඔබේ ප්‍රදේශයට බලපාන අනාවැකිය මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාව තුල ගිම්හානයට සමාන කාලගුණය තත්වයක් මේ වනවිට ආරම්භ වී ඇති අතර, මේ හේතුවෙන් එළඹෙන සති අන්තයේදී ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට සාමාන්‍යය ප්‍රමාණයට වඩා උෂ්ණාධික තත්වයකට මුහුණ දීමට සිදුවන බවට කාලගුණ අංශ අනාවැකි පලකරයි.

Key Points

  • ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට මෙම සති අන්තයේ සාමාන්‍ය කාලගුණයට වඩා උණුසුම් තත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ තීරයේ, නොදෙර්න් ටෙරිටරියේ, දකුණු ඕස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අභ්‍යන්තරයේ පදිංචිකරුවන් හට මෙය බලපායි.
  • මෙම උෂ්ණාධික තත්වය "අසාමාන්‍ය" තත්වයක් වුවත්, එය වාර්තාගත උණුසුමක් නොවනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසයි.

එළඹෙන සති අන්තයේදී ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට heatwave හෙවත් තාප තරංග බලපෑමක් සිදුවන අතර, මේ සඳහා සූදානම් වන ලෙස කාලගුණ අංශ ඕස්ට්‍රේලියානුවන්ට සඳහන් කොට සිටී.

ඕස්ට්‍රේලියාවේ නැඟෙනහිර ප්‍රදේශයට ඉහළින් සෙමින් චලනය වන "අධි පීඩන පද්ධතියක්" මෙම සති අන්තය වන විට ටස්මන් මුහුද දෙසට ගමන් කිරීමට නියමිතව තිබේ.

මෙම තත්වය ඔස්සේ, උණුසුම් වාතය උතුරු සහ මධ්‍යම ඔස්ට්‍රේලියාව හරහා රටේ විවිධ ප්‍රදේශවලට ව්‍යාප්තවීමට නියමිත බව කාලගුණ විද්‍යා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Dean Narramore SBS පුවත් සේවයට පැවසීය.

Australia Explained in Indonesian
Why do Australians really love their beach? Source: AAP / AAP Image/Mick Tsikas

එමන්ම එළඹෙන බදාදා සහ බ්‍රහස්පතින්දා සිට ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළ යාමට ආරම්භ වන අතර සති අන්තය වන විට සහ ලබන සතියේ මුල කාලය තුල උෂ්ණත්වය 30C පමණ වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

මෙමගින් විශේෂයෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවාසීන්ට 30C පමණ වූ උෂ්ණත්වයක් අත්විඳීමට සිදුවිය හැකි අතර, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අභ්‍යන්තර ප්‍රදේශවල පිරිසට, දකුණු ඕස්ට්‍රේලියාවේ සහ දකුණු ක්වීන්ස්ලන්තයේ පදිංචිකරුවන්ට 30C - 35C ත් අතර පරාසයේ උෂ්ණත්වයක් අපේක්ෂා කරයි.

ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Dean තවදුරටත් සඳහන් කොට සිටියේ සැප්තැම්බර් මාසය තුල මෙරට ප්‍රදේශ රැසක උපරිම උෂ්ණත්වය, සාමාන්‍යයට වඩා අංශක 06 සිට 12 දක්වා දැකිය හැකි අතර අවම උෂ්ණත්වය සාමාන්‍යයට වඩා අංශක 04 හෝ 08 පමණ වනු ඇති බවයි. එමෙන්ම මෙම තත්වය යම්දුරකට "අසාමාන්‍ය තත්වයක්"වන බවත් ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Dean කියා සිටී.

heatwave.JPG
A map of maximum temperatures forecast for parts of the country on Sunday, 17 September. Credit: Bureau of Meteorology

ඔස්ට්‍රේලියාව තුල පසුගිය වසර දෙකක පමණ තුල පැවති වසන්ත හා ගිම්හාන සෘතු සිසිල් සහ තෙත් වූ අතර මේ හේතුවෙන් මෙය යම්දුරකට අවධානයක් යොමුකළයුතු කරුණක් වන බව Dean පවසයි. කෙසේ නමුත් මෙම වසරේ බලාපොරොත්තු වන තත්වය "වාර්තාගත උණුසුමක්" නොවනු ඇති බවත් ඔහු කියා සිටී.

යම්දුරකට අසාමාන්‍ය වූ spring heatwave හෙවත් වසන්ත තාප තරංග තත්වය විවිධ ප්‍රාන්ත සහ ටෙරිටරි වලට බලපාන අයුරු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

සැප්තැම්බර් 14 බ්‍රහස්පතින්දා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අභ්‍යන්තරයේ සිට වෙරළ තීරය දක්වා තාපය පැතිරයාමට පටන් ගනී.

සිඩ්නි ප්‍රදේශයේ සහ ප්‍රාන්තයේ මධ්‍යම වෙරළ තීරයේ උෂ්ණත්වය සිකුරාදා 31C පමණ වන අතර සෙනසුරාදා සහ ඉරිදා 33C පමණ වේ.

Gloucester සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මධ්‍යම වෙරල තීර ප්‍රදේශ සඳහා 34C ට අඩු උෂ්ණත්වයක් පවතී.

Batemans Bay, Ulladulla සහ Huskisson යන ප්‍රදේශ සඳහා උෂ්ණත්වය ඉරිදා දින 30C දක්වා ඉහළ යනු ඇත.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බදාදා සහ බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 13 සහ 14) උෂ්ණත්වය ඉහළ යනු ඇති අතර, Adelaide හි 28C ක්, Port Lincoln හි 30C ක් සහ බ්‍රහස්පතින්දා දින Ceduna ප්‍රදේශයේ 33Cක් ලෙස උෂ්ණත්වය ඉහල යාමට නියමිතයි.

Adelaide සහ Port Lincoln ප්‍රදේශ වල උෂ්ණත්වය, මෙම සති අන්තයේදී 22C-25C දක්වා පහත වැටෙනු ඇති නමුත් ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශ සඳහා බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා 30C ට වැඩි උෂ්ණත්වයක් පුරෝකථනය කොට තිබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බොහෝ අභ්‍යන්තර ප්‍රදේශ සඳහා 30C-35Cක උෂ්ණත්වයක් පුරෝකථනය කොට තිබේ.

මේ හේතුවෙන් ප්‍රාන්තයේ මධ්‍යම ප්‍රදේශ සඳහා ඉහල තාපයක් දැනෙනු ඇත.

වෙරළ තීරයේ සිටින පිරිසට අධික උෂ්ණත්වයකින් බලපෑමක් ඇති නොවනු ඇති අතර, Surfers Paradise, Brisbane සහ Mackay දක්වා වන පදිංචිකරුවන්ට උෂ්ණත්වය 25C-28C තුළ පැවතිය හැක.

නොදෙර්න් ටෙරිටරිය

අපේක්ෂා කරන heatwave හෙවත් තාප තරංගය, අඟහරුවාදා සිට ප්‍රදේශය පුරා පැතිරීම සිදු වන අතර, ඉරිදා දක්වා ටෙරිටරියේ ප්‍රදේශ රැසක් සඳහා 30C-35C උණුසුමක් අපේක්ෂා කරයි.

වික්ටෝරියා ප්‍රාන්තය

මෙම සති අන්තයේ උෂ්ණත්වය 20C-25C අතර පවතිනු ඇති අතර මේ හේතුවෙන් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට මෙම උණුසුම බල නොපායි.

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශවල පදිංචිකරුවන්ට දැඩි උණුසුමක් නොදැනෙන අතර, Perth, Margaret River සහ Albany යන ප්‍රදේශ වලට බදාදා සිට සෙනසුරාදා දක්වා වැසි ස්වල්පයක් ඇදහැලේ.

ටස්මේනියාව සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය

ටස්මේනියාවේ සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ පදිංචිකරුවන් හට මෙම සති අන්තයේදී ඉහළ උෂ්ණත්වයක් නොදැනේ.


Share

4 min read

Published

By Nipuna Dodangoda, Rashida Yosufzai

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now