SKIP TO MAIN CONTENT

Angela Merkel ජර්මානු චාන්සලර් ධුරයට සමුදීමට සැරසෙයි.

Angela Merkel to step down as German chancellor
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වසර 2021 දී තමන් ජර්මානු චාන්සලර් ධුරයෙන් සමුගන්නා බව වත්මන් ජර්මානු චාන්සලර් Angela Merkel පැවසුවාය.

එමෙන්ම ඇය නියෝජනය කරන Christian Democratic Union හෙවත් CDU පක්ෂයේ නායකත්වයෙන්ද ඇය සමුගන්නා බව ප්‍රකාශ කළාය.

Angela Merkel වසර 2000 පටන් CDU පක්ෂයේ නායකත්වය දරන අතර වසර 2005 සිට ජර්මානු චාන්සලර් ධුරය හොබවයි.

ඇගේ පක්ෂය පසුගිය මාර්තු මාසයේදී සිව්වන වරටත් බලයට පත්වූ නමුත් මේ වන විට පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වේ.

මේ තත්ත්වය හමුවේ සිය නායකත්වයෙන්ද චාන්සලර් ධුරයෙන්ද සමුගැනීමට තමන් තීරණය කළ බව Angela Merkel පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now