පාදයේ ආබාධයක් හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධය සුවවීමෙන් අනතුරුව තම සුපුරුදු ක්‍රිකට් ගමන අයි පී එල් වලින් ආරම්භ කරයි.
ආබාධය හේතුවෙන් මාස හතරක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටි මැතිව්ස් මේ වන විට සියයට සියයක් සුවය ලබා ඇති අතර ඔහු ඊයේ (17/04) අයි.පී.එල්. තරගාවලියේ දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්‌ඩායම වෙනුවෙන් සිය පළමු තරගයට ක්‍රීඩා කිරීම ආරම්භ කළේය. තරගය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්‌ඩායම සමග පැවැත්වුනු අතර තියුණු තරඟයකින් අනතුරුව තරඟයේ ජය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හිමිකරගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්‌ඩලයක් මගින් සහ ක්‍රිකට් භෞත චිකිත්සකවරයාගේ වාර්තාවට අනූව ඇන්ජලෝ මැතිව්ස්‌ගේ වෛද්‍ය වාර්තාව සියයට සියයක් යහපත් තත්ත්වයට පැමිණ තිබේ. ඒ අනූව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය සහිතව මැතිව්ස් IPL සඳහා පිටත්ව ගොස් තිබේ.
මෙම වසරේ ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාව සමග පැවැති විස්‌සයි විස්‌ස තරගයක් අතරතුරදී මැතිව්ස් පාදයේ ආබාධයකට ලක් විය

