SKIP TO MAIN CONTENT

ජර්මානු මහ මැතිවරණයෙන් ඇන්ජලාට ජය.

German Chancellor Angela Merkel smiles at the headquarters of the Christian Democratic Union CDU in Berlin, Germany, Sunday, Sept. 24, 2017 after the German parliament election. (AP Photo/Michael Sohn)
Source: AP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ජර්මනියේ ඊයේ (24/09)  පැවති මහ මැතිවරණයෙන් ජර්මානු චාන්සලර් Angela Merkel මේ වන විටත් ජය ගෙන ඇති බව නවතම වාර්තා සදහන් කරයි.

දැනට නිකුත් වී ඇති ප්‍රතිපල අනුව අනුව චාන්සලර්වරියගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නායකත්වය දෙන (CDU/CSU) කොන්සර්වේටිව් සන්ධානය ප්‍රකාශිත  ඡන්ද වලින් 33% ක් ලබා ඇති අතර SPD පක්ෂය 25% ක ඡන්ද ලබා ඇත.

මේ අතර AfD පක්ෂය දැනට ප්‍රකාශිත ඡන්ද වලින් 12.6% ක ප්‍රතිශතයක් ලබා ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් චාන්සලර් Angela Merkel නායකත්වය ලබාදෙන  කොන්සර්වේටිව් සන්ධානයට මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට හැකි වුවද මෙම ප්‍රතිපල අනුව තනිව රජයක් පිහිටුවීමට නොහැකි වන බව පෙනීමට ඇති බවත් ඒ අනුව සභාග රජයක් පිහිටුවීමට හැකි වනු ඇති බවත් තමන් විශ්වාස කරන බව ජර්මානු චාන්සලර් Angela Merkel ප්‍රකාශ කර තිබේ.

වසර 70 ක ඉතිහාසයේ CDU/CSU පක්ෂය ලද අමිහිරිම ඡන්ද ප්‍රතිඵලය මෙය බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now