Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනිය හදිසියේම තම ඉල්ලා අස්වීම නිවේදනය කරයි

Bush Fire

Annastacia Palaszczuk - Premier of Queensland Source: AAP

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනිය ලෙසට වසර 8 ක කාලයක් ධුරයේ රැඳී සිටි Annastacia Palaszczuk (ඇනස්ටේශියා පලාෂේ ) තම තනතුරෙන් හදිසියේම ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ. ඇගේ මෙම හදිසි තීරණය අද - දෙසැම්බර් 10 වන ඉරිදා මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය නිවේදනය කොට සිටියාය.

තනතුරින් ඉවත්වන විට ප්‍රාන්ත අගමැතිවරිය 54 වෙනි වියෙහි පසුවුනු අතර වාර 3 ක කාලයක් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කම්කරු පක්ෂ රජය යටතේ ප්‍රාන්ත අගමැතිනිය ලෙසට කටයුතු කලාය.

Annastacia Palaszczuk ඕස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්ත බහුතර කැබිනට් මණ්ඩලයට නායකත්වය දෙමින් වාර තුනක් ජයග්‍රහණය කළ පළමු කාන්තා අගමැතිනිය බවට පත්විය.

වසර අටක අගේ සේවා කාලය තුලදී ය ප්‍රාන්ත අගමැතිවරිය ලෙසින්, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුල ඇතිවුණු ස්වභාවික විපත් 63 ක් කළමනාකරණය සිදුකොට ඇති අතර COVID-19 වසංගතය පැවති කාලයේදී සාර්ථකව තම ප්‍රාන්ත රාජ්‍යය මෙහෙයවා ඇත.

Annastacia Palaszczuk මේ සතිය අගදී තම තනතුරෙන් ඉවත්වන අතර ඇයගේ මන්ත්‍රී ආසනය වන Inala වෙතින් මේ වසරේ අවසානයේදී ඉවත්වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.

————————————————————————————————————————

 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල වෙබ් අඩවිය www.sbs.com.au/sinhala

SBS Audio APP එකෙන් (Free)


1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now