SKIP TO MAIN CONTENT

තවත් මරණ 8 ක් සමග වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 471 ක්

Coronavirus inspired art is seen attached to a tree near Albert Park in Melbourne, Wednesday, August 5, 2020.
Coronavirus inspired art is seen attached to a tree near Albert Park in Melbourne Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

අද උදෑසන වන විට (06/08) වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 471 ක් වාර්තා වී තිබේ.

එමෙන්ම ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 8 ක්ද වාර්තා වී ඇත.

එම මරණ අතරට 60 වන වියෙහි පසුවූ පිරිමි පුද්ගලයෙකු, 80 වන වියෙහි පසුවූ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු සහ 90 වන වියෙහි පසුවූ කාන්තාවක් වන බව සඳහන්.

එයින් කොරෝනා මරණ 4 ක් aged care මධ්‍යස්ථාන වල විසූ පුද්ගලයෝ වූහ.

එම මරණ 8 ත් සමග වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 170 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 255 ක් දක්වා ඉහළ නැග තිබේ.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සක්‍රිය කොරෝනා ආසාදිතයින් 7,449 ක සිටින බවත් ඉන් 1,533 ක් aged care මධ්‍යස්ථාන වලට සම්බන්ධ බවත් වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now