SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයේ තවත් හෝටල් නිරෝධායන සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වෙයි

Hotel quarantine
Hotel quarantine Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ සේවිකාවක් කොරෝනා වයිරසයට ධනාත්මක බව තහවුරු වී තිබේ.

මෙම සේවිකාව ඊයේ දිනයේදී Holiday Inn හෝටලයේ සේවය කළ අතර මීට පෙර සිදුකළ කොරෝනා පරීක්ෂණ වලින් ඍණාත්මක ප්‍රතිඵල ලබා පසුව ධනාත්මක ප්‍රතිඵලයක් ලැබී තිබේ.

මේ පිළිබඳ වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පූර්ණ විමර්ශනයක් සිදුකරමින් පසුවන අතර අද සිට කොරෝනා පරීක්ෂණ කිරීමද ඉහළ දැමීමට සූදානම් වේ.

මෙම ආසාදිත කාන්තාව ආගිය ස්ථාන පිළිබඳ වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දක්වා ඇති අතර එම ලැයිස්තුවට Maidstone කේක් අලෙවි සැලක් හා Sunshine හි මත්පැන් අලෙවි සැලක් අඩංගු වේ.

මේ අතර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගවලිය හා සම්බන්ධ හෝටල් නිරෝධායන වැඩසටහන ප්‍රමාණවත් පුහුණුවක් සහ ආසාදන පාලනය කිරීමේ ව්‍යාකූලතාවයෙන් පිරී ඇති බව එහි COVID-19 මාර්ෂල්වරයකු පවසයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ තවත් සේවකයකු හට කොරෝනා වයිරසය නොදැනුවත්වම ආසාදනය වුවේ කෙසේදැයි දැනගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ පැවැත්වෙමින් පවතියි.

අදාළ සේවිකාව සමග සමීපව ගැවසුණු ආශ්‍රිතයින් ගෙන් 70% කට වඩා වැඩි ප්‍රමාණයකගේ කොරෝනා පරීක්ෂණ වල ප්‍රතිඵල ඍණාත්මක වී ඇති බව ද වාර්තා වේ.

ආසාදන පාලනය කිරීමේ නිසි පුහුණුවක් නොමැතිවීම තුළ සේවකයින් මෙවැනි ආසාදිතයින් බවට පත්වීම පුදුමයට කරුණක් නොවන බව නම හෙළි කිරීමට අකැමැති වූ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගවලියේ COVID-19 මාර්ෂල්වරයකු SBS පුවත් වෙත පැවසීය.

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now