ලංකාවේ මගී ප්‍රවාහන බස් හා වෑන් රථ සඳහා තවත් මාස හයක ලීසිං සහන කාලයක් සහ අඩු පොළියකට ලක්ෂ තුනක ණයක්

Another six months lease grace period for Passenger buses and vans in Sri Lanka and a loan of Rs. 300,000 at a low-interest rate

Source: Facebook

ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් හා වෑන් රථ සඳහා තවත් මාස හයක ලීසිං සහන කාලයක් ලබාදෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පැවසීය.

මේ සම්බන්ධව මහ මහ භාණ්ඩාගාරයේ ලේකම් හා බැංකු අධිපතිවරයා අදාළ සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඒ මහතා කීය.

පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ හිමියන්ට අඩු පොළියක් යටතේ රුපියල් ලක්ෂ තුනක ණය මුදලක් ලබාදීමට සාකච්ඡා කර තිබෙන බවත් පළාතේ ප්‍රවාහන අධිකාරිය මගින් බස් හිමියා සම්බන්ධව ලබාදෙන ඇපයක් මත එම ණය මුදල ලබාදෙන බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

පෞද්ගලික බස් රථ ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් බස් හිමියන්ගේ සංගම් වලින් ඉල්ලීම් කිහිපයක් ලැබී තිබෙන බවත් ඒවා ඉල්ලීම් මිස තර්ජන නොවන බවත් කී ඒ මහතා ඔවුන්ට යම් සහනයක් ලබාදීමේ අරමුණින් කොවිඩ් මගී ප්‍රවාහන ප්‍රතිපත්තිය එළිදක්වන බවද අවධාරණය කළේය.

කොවිඩ් මගී ප්‍රවාහන ප්‍රතිපත්තිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කරන බවත් සාමාන්‍ය පරිදි බස් රථ වල මගීන්ට ගමන් කළ හැකි නම් සාමාන්‍ය බස් ගාස්තුව ක්‍රියාත්මක වන බවත් ඒ මහතා කීය.

ආසන ගණනට මගීන් ගෙන යා හැකි අවස්ථාවල එක් ගාස්තු ක්‍රමයක්ද එක් ආසනයක මගීන් එක් අයෙකු පමණක් ගමන් කළ හැකි අවස්ථාවල තවත් ගාස්තු ක්‍රමයක්ද ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන බව හෙතෙම පැවසුවේය.

කිසියම් ප්‍රදේශයක කොවිඩ් ව්‍යාප්තිය සිදුවන ආකාරය සෞඛ්‍ය අංශ නිර්ණය කිරීමෙන් පසු ඔවුන් ලබාදෙන නිර්දේශ මත එම ප්‍රදේශයට සුදුසු මගී ප්‍රවාහන ප්‍රතිපත්තිය දියත් කරන බවත් යළි එම ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයද සාමාන්‍ය මට්ටමට පැමිණෙන බවත් අමුණුගම මහතා කීය.

මගී ප්‍රවාහන බස් රථ වලට QR ඛේතයක් හඳුන්වා දීමට පියවර ගන්නා බවත් සෑම ආසනයකම පිටුපස එම ඛේතය දක්වා තිබෙන බවත් කී ඒ මහතා ජංගම දුරතකන මගින් මගියාගේ තොරතුරු ඛේතය හරහා ලබා ගැනීමට හැකියාව තිබෙන බවද අවධාරණය කළේය.


2 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now