කොවිඩ් සමයේදී තාවකාලික වීසාලාභීන්ට පිටව යන ලෙසට පැවසීම අඥාන ක්‍රියාවක් බව ඔස්ට්‍රේලියානු අගමැති කියයි

Prime Minister Anthony Albanese addresses the National Press Club in Canberra.

آنتونى البانيزى صدراعظم آستراليا روز دوشنبە ۲۲ اگوست در كلوپ ملى مطبوعات در كانبيرا بياينە اى ايراد ميكند (AAP Image/Lukas Coch) Source: AAP / Lukas Coch

COVID-19 වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට තම මව් රටවලට යන ලෙස හිටපු අගමැති Scott Morrison විසින් සිදුකළ ප්‍රකාශය වත්මන් ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese විවේචනය කරයි.

මෙම ප්‍රකාශය බොහෝ දෙනෙකුට ඔස්ට්‍රේලියාව කෙරෙහි අයහපත් හැඟීමක් ඇති කර ඇති බව අගමැති Albanese පවසයි.

ඔස්ට්‍රේලියාව තුළ කොවිඩ් වසංගතය ආරම්භයේදී පටන් ජාත්‍යන්තර සිසුන්ට සහ තාවකාලික වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් කිසිදු ආර්ථික සහනයක් ලබා නොදුන්නේය.

ඒ වෙනුවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට තම පුරවැසියන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව එවකට හිටපු අගමැති Scott Morrison පැවසීය.

ඒ හේතුවෙන් ජාත්‍යන්තර සිසුන්ට සහ තාවකාලික වීසා ලාභීන්ට යම් ආර්ථික සහනයක් ලබාදෙන ලෙස එම පාර්ශව සහ ඔවුන්ට සහය පළ කළ වෙනත් විවිධ පාර්ශව මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියහ.

නමුත් එහිදී හිටපු අගමැති Morrison මෙසේ පැවසීය.

"හොඳ කාලවලදී ඔස්ට්‍රේලියාවට සංචාරකයින් පැමිණීම කොතරම් සුන්දරද, මෙවැනි අසීරු අවස්ථාවලදී, ඔබ මේ රටේ සංචාරකයෙකු නම්, ඔබේ මව් රටට යාමට කාලයයි."

අදාළ සංචාරකයින්ට තම මව් රටවලින් තමාට අවශ්‍ය සහය ලබාගත හැකි බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

Former prime minister Scott Morrison
Former prime minister Scott Morrison. Source: AAP / Mick Tsikas.

තාවකාලික වීසා ලාභීන් අමතක කිරීම ඥානවන්ත ක්‍රියාවක් නොවෙයි

අගමැති Albanese, හිටපු අගමැති Morrison පිළිබඳ සෘජුවම සඳහන් නොකළ නමුත් එය යහපත් පියවරක් නොවන බව පැවසීය.

විශේෂයෙන් කොවිඩ් වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියාව දැන් දැඩි පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයකට මුහුණ දී සිටීම මධ්‍යයේ ඔහු මේ ප්‍රකාශය සිදුකර ඇත.

“වසංගතය අතරතුර තාවකාලික වීසා බලපත්‍රලාභීන් වූ සෑම කෙනෙකුටම ඔස්ට්‍රේලියාවෙන් පිටව යන ලෙස පැවසීම සහ ඔවුන්ට කිසිදු ආර්ථික දීමනාවක් හෝ සහ සහයෝගයක් ලබා නොදීම බුද්ධිමත් තීරණයක් නෙමෙයි, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔස්ට්‍රේලියාවෙන් පිටව ගොස් ඇති අතර ඒ හරහා ඔස්ට්‍රේලියාව පිළිබඳ ජාත්‍යන්තරයට ගිය ප්‍රතිරූපය එතරම් යහපත් එකක් නෙමෙයි." යනුවෙන් ඊයේ දිනයේදී කැන්බරා නුවර National Press Club හිදී ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese සිය කතාවේදී පැවසීය.

ඔස්ට්‍රේලියාවට ගෝලීයකරණය වූ ශ්‍රම වෙළඳපොළක් ලැබී ඇති අතර අපගේ කීර්ති නාමය වැඩි දියුණු කළ යුතු බව අගමැති Albanese එහිදී පැවසුවේය.

"ඔස්ට්‍රේලියාව යනු ජීවත් වීමට හෝ සංචාරය කිරීමට කදිම ස්ථානයක්, අපි එය සැමවිටම මතක තබා ගත යුතු අතර, එවකට සිදු වූ ඇතැම් ක්‍රියා ඥානවන්ත නොවන බව මම සිතනවා." යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

සංක්‍රමණ කෝටාව වැඩි කරයිද?

ව්‍යාපාරික ප්‍රජාව විසින් ඉල්ලා සිටින පරිදි ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණ කෝටාව 160,000 සිට තවත් වැඩි කරන්නේද යන්න පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අගමැති Albanese ඉහත අදහස් පළ කළේය.

සංක්‍රමණ කෝටාව 200,000 දක්වා වැඩි කිරීම සඳහා මධ්‍යම රජයට තම ඉදිරි රැකියා සහ නිපුණතා සමුළුව භාවිතා කළ හැකි බවට අදහසක් පවතී.

එම රැකියා සමුළුව සැප්තැම්බර් 01 සහ 02 දෙදින කැන්බරා නුවරදී පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයා සිය කතාව අතරතුර නව කෝටාව පිළිබඳ නිශ්චිත අදහසක් ඉදරිපත් නොකළේය.

මෙහි ඇති ප්‍රශ්නය සංඛ්‍යා පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවන බවත්, පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පිරවීම සඳහා ඔස්ට්‍රේලියාව තාවකාලික සංක්‍රමණයෙන් ඔබ්බට බැලිය යුතු බවත් ඔහු එහිදී පැවසීය.

හෙද, hospitality සහ ඉංජිනේරු වැනි තීරණාත්මක ක්ෂේත්‍රවල ඔස්ට්‍රේලියාවේ සිටින විදේශීය ශ්‍රමිකයින්ට ස්ථිර සංක්‍රමණයට ඉඩ දීම සඳහා තවත් මාර්ග තිබිය යුතු බව ඔහු පැවසීය.

“අපිට තාවකාලික ශ්‍රමයට වඩා ස්ථිර සංක්‍රමණයට තවත් මාර්ග අවශ්‍යයි. වසරක් නොව දශක ගණනාවක් තිස්සේ අපට කුසලතා හිඟයන් තිබූ ක්ෂේත්‍ර සහ වෘත්තීන් තිබෙනවා." යනුවෙන් අගමැති Albanese සඳහන් කළේය.

“ඔබ කෙනෙකුව පුහුණු කර වසර කිහිපයක් යම් තැනකට ගෙන ඒමට කටයුතු කර එම රැකියාවම කිරීමට වෙනත් අයෙකු සොයා ගැනීමට උත්සාහ කිරීම ඇදහිය නොහැකි තරම් අකාර්යක්ෂම බව මගේ අදහසයි. යමෙකුට මේ රටේ අයිතිය පිළිබඳ හැඟීමක් ලබා දීම වඩා හොඳයි," යනුවෙන් අගමැති Albanese තවදුරටත් අදහස් දැක්වුවේය.

නමුත් ඔස්ට්‍රේලියානුවන්ට පළමුව මෙම පුරප්පාඩු පිරවීමට ඉඩ දීමේ අවශ්‍යතාවය තිබිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.



Share

Published

By Rashida Yosufzai, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service