2025 ෆෙඩරල් මැතිවරණයේදී ඇන්තනී අල්බනීසි මහතාගේ ජයග්‍රහණය තහවුරු වීමත් සමග ලේබර් පක්ෂය විශාල බහුතරයකින් දෙවන වරටත් රජයක් පිහිටුවීමට නියමිත වේ. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය වරයා ලෙස සේවය කිරීමට ලැබීම තමන්ට විශාල ගෞරවයක් බව ඇන්තනී අල්බනීසි මහතා සිඩ්නි නුවරදී තම ආධාරකරුවන් ඉදිරියේදී ප්‍රකාශ කර ඇත.
ගැඹුරු නිහතමානී හැඟීමකින් සහ වගකීම පිළිබඳ ගැඹුරු හැඟීමකින් යුතුව අද රාත්‍රියේ මා කරන පළමු දෙය ලොව හොඳම ජාතියට තවදුරටත් සේවය කිරීමට අවස්ථාව ලබා දීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ජනතාවට ස්තුති කර සිටීම බව එහිදී ඔහු ප්‍රකාශ කර ඇත.
සාධාරණත්වය මෙන්ම සැමටම සමාන අවස්ථාවන් ලබාදීම වැනි ඕස්ට්‍රේලියානු වටිනාකම් සඳහා ජනතාව ඡන්දය ප්‍රකාශ කර ඇති බව ඔහු පවසනවා. මෙවැනි සාරධර්ම වලට ගරු කරන සහ එකමුතු සමාජයක් අනාගතයේ බිහි කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ජනතාව ඡන්දය ප්‍රකාශ කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
ලිබරල් සන්ධානය සතුව පැවති ආසන කිහිපයක් ලේබර් පක්ෂය ජයගැනීමත් සමග මෙවර පෙරට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ලේබර් රජයට හැකි වනු ඇති. ලිබරල් පක්ෂ නායක පීටර් ඩටන් මහතාගේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඩික්සන් ආසනයද ලේබර් පක්ෂය ජය ගැනීමට සමත් විය. මෙය විපක්ෂ නායකයකු ෆෙඩරල් මැතිවරණයකදී තම ආසනය පරාජය වූ ප්‍රථම අවස්තාව ලෙස සැලකේ. ලේබර් පක්ෂයේ Ali France හමුවේ ලිබරල් පක්ෂ නායක පීටර් ඩටන් මහතා තම ආසනය පරාජය විය.

Australian Liberal Party leader Peter Dutton, third left, stands with his family as he makes his concession speech following the general election in Brisbane. Source: AP / Pat Hoelscher/AP
Bulk billing සේවාව යටතේ වෛද්‍ය මධ්‍යස්ථාන කරා යන වාරගණන මිලියන 18කින් ඉහල නැංවීම සඳහා ඩොලර් බිලියන 8.5ක් වෙන් කිරීමටද යෝජනා කර තිබෙනවා.
සූර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා වන ගෘහස්ථ බැටරි සඳහා සහනාධාර ලබා දීමට ලේබර් පක්ෂය ඩොලර් බිලියන 2.3ක් වෙන් කිරීමට පොරොන්දු වී ඇති අතර, සුපිරි වෙළඳසැල් මගින් සිදුකරන අසාධාරණ මිල වැඩි කිරීම් මර්දනය කිරීමට ද පොරොන්දු විය.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.