SKIP TO MAIN CONTENT

ත්‍රස්තවාදයට එදිරි වීමේ පනත මෙම වසරේදී ගෙන ඒමට රනිල් සැරසෙයි.

Anti-terrorism law in this year: PM
Source: Jknewspoint.com

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය නවීකරණය කිරීම සඳහා නව නීති රැසක් මේ වසරේදී හඳුන්වා දෙන බවත් ,ඒවා රට ඉදිරියට ගෙන යන ඒවා වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 43 වැනි සම්මේලනය හා එම සංගමයේ නව සභාපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා සිය ධුරයේ වැඩ බාර ගැනීම සඳහා කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“ලංකාවේ තිබෙන වෙළඳපොළ ආර්ථිකය නවීකරණ කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා මෙරට නීතී පද්ධතියත් නවීකරණය කළ යුතුයි.ඒ අනුව මේ වසරේදී අපි නව නීති ගණනාවක්ම ගේනවා.විශේෂයෙන්ම ත්‍රස්තවාදයට එදිරි වීමේ පනත ,පිටරට බාල භාණ්ඩ මෙරටට ගෙන ඒම වැළැක්වීමේ පනත , ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීම සඳහා ඉවහල් වන නව ඉඩම් පනත මේ නීති අතර වෙනවා. මේ අතරේ නව දේශීය ආදායම් පනත ලබන මැයි හෝ ජූනි මාසයේදී ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.මෙම නව නීති ගෙන ඒම සඳහා සහාය ලබා දෙන මෙන් මම  නීතීඥ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා” අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now