SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ රංගන ශිල්පින් දෙදෙනෙකු එකම දිනයේදී දිවි රඟ මඬලින් සමුගනී

Anula Bulathsinhala_Ananda Fonseka pass away on the same day
Anula Bulathsinhala_Ananda Fonseka pass away on the same day Source: SBS Sinhala

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ප්‍රවීණ රංගවේදිණී අනුලා බුලත්සිංහල මහත්මිය අද(ඔක් 16) අභාවප්‍රාප්ත වූවාය. අසනීප තත්වයක් හේතුවෙන් දින කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 73 හැවිරිදි වියේ පසුවූවාය.

අනුලා බුලත්සිංහල මහත්මිය ප්‍රවීන ගී පද රචක සහ කලාකරු ලූෂන් බුලත්සිංහල මහතාගේ ප්‍රිය බිරිඳ වේ

මධුර ජවනිකා, කු‍වේණි, රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවලදී ද, මෑතකදී තිරගතුවුණු අසන්ධිමිත්තා සිනමා පටය ඇතුළුව නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපටවලදී ද ඇගේ රංගන කුසලතාව කැපී පෙනිණි.

ගීත ගායනයේදීද දස්කම් දැක්වූ ඇය නෙයිනගේ සූදුව, රඟහල දැන් ඇත අඬ ඇඳුරේ, දී කිරි දී කිරි ගෙනාව දී කිරි, බුදුන් වඳින මේ දෑතින්, සුදු ඔසරිය ඇඳලා වැනි ගීත තුලින් ජනහද දිනාගැනීමට සමත්වූවාය.

මෙම 2020 වසරේ පැවති රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන 'නාට්‍යකීර්ති සම්මානය' ද ඇයට හිමිවිය.

දේහය හෙට, ඔක්තෝම්බර් 17 දා උදෑසන සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු හෙට දිනයේදීම කොළඹ කනත්තේදී සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.

මේ අතර අද (16 ඔක් ) දිනයේදීම චිත්‍රපට නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂකවරයකු, රංගන ශිල්පියෙකු වන ආනන්ද ෆොන්සේකා මහතා ද අභාවප්‍රාප්තව තිබේ. ඔහු ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ මලණුවන් සහ රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාගේ පියා ද වේ. මිය යන විට ඔහු 70 වැනි වියේ පසුවිය.

වෘත්තීයෙන් ඡායාරූප ශිල්පියෙකු වූ ඔහු ඇතැම් සිංහල චිත්‍රපට සඳහා නිෂ්පාදනයෙන්ද , අධ්‍යක්ෂනයෙන්ද සම්බන්ද වූයේය. එලෙස සම්බන්ද වුනු චිරපටි

'උමංගයනා' එලෙස නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් සම්බන්ද වුනු චිත්‍රපටියක් වන අතර 'කෙම්මුර' ටෙලිනාට්‍යයට ද අධ්‍යක්ෂණයෙන්ද නිෂ්පාදනයෙන්ද දායක වූයේය. 'කෙම්මුර' ටෙලිනාට්‍යය වෙනුවෙන් ආනන්ද ෆොන්සේකා මහතා සම්මානයට පවා පත්‍ර ව තිබේ.

එපමණක් ද නොව ආනන්ද ෆොන්සේකා, 'තිලක සහ තිලකා', 'එයා දැන් ලොකු ළමයෙක්', 'ටිකිරා' වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වූයේය.

දේහය වරාගොඩ, කැලණිය පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ඔක්තෝම්බර් 18 වැනි ඉරිදා බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now