SKIP TO MAIN CONTENT

ලැබෙන කාලය සීමිත වුවද සමලිංගික විවාහ නීතිගත කිරීමට යෝජිත තැපැල් ඡන්දය සාර්ථකව පවත්වන බවට ඔස්ට්‍රේලියානු රජය පවසයි.

AUS government is confident any legal challenge will be defeated regarding postal plebiscite on same-sex marriage.
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා පැවැත්වීමට යෝජිත තැපැල් ඡන්දය සඳහා අධිකරණය අවසර දුනහොත් ලැබෙන සීමිත කාලය තුළ වුවද එය කෙසේ හෝ සාර්ථකව පවත්වන බවට ඔස්ට්‍රේලියානු රජය පවසයි.

මෙම තැපැල් ඡන්දය පිළිබඳ ව්‍යවස්ථාවට පටහැනි කරුණු ඇති බැවින් එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට විපක්ෂය සහ ඇතැම් සමාජ සංවිධාන පසුගිය සතියේදී පියවර ගත්තේය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පැමිණෙන තෙක් මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නොහැකිවී වී ඇති අතර එළඹෙන සැප්තැම්බර් 5 සහ 6 වන දින මේ පිළිබඳ කරුණු වීමසීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද වාර්තා වේ.

ඩොලර් මිලියන 122 ක පිරිවැයක් දැරීමට සිදුවන මෙම තැපැල් ඡන්දයේ ඡන්ද පත්‍රිකා ලියාපදිංචි ඡන්ද දායකයන් හට එළඹෙන සැප්තැම්බර් 12 වන දින සිට තැපෑලෙන් නිවෙසට ලැබීමට පහසුකම් සලසා ඇති බවද සඳහන්.

මෙම තැපැල් ඡන්දය පැවැත්වීමට හැකියාව ලැබුණහොත් එහි ප්‍රතිඵල නොවැම්බර් 15 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද රජය පවසයි.

කෙසේවෙතත්, මේ සඳහා ඇති නීතිමය බාධාවන් ජය ගැනීමට හැකිවනු ඇතැයි මුල්‍ය අමාත්‍ය  Mathias Cormann, ABC පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now