නව සංශෝදන ඔබට බලපාන ආකාරය
- වසරකට ඩොලර් 73,000 ක සාමාන්‍ය වැටුපක් උපයන පුද්ගලයෙකුට ඩොලර් 1,500 කට වඩා වැඩි බදු සහනයක් ලැබෙනු ඇත.
- ඩොලර් 50,000ක් වසරකට උපයන අය සඳහා අමතර ඩොලර් 929ක් ලැබෙනු ඇත.
- ඩොලර් 100,000ක් උපයන පුද්ගලයින් සඳහා ඩොලර් 2,100ක බදු සහනයක් ලැබෙනු ඇත
- ඩොලර් 200,000 උපයන අය සඳහා බදු සහනය ඩොලර් 9,075 සිට ඩොලර් 4,500 දක්වා අඩුවනු ඇත
මධ්‍යම රජය ප්‍රකාශ කරන පරිදි මධ්‍යම අදායම් ලබන ඔස්ට්‍රෙලියානුවන්ට මෙමගින් වර්තමාන ජීවන වියදම් අර්බුධය හමුවේ වැඩි සහන ලබාදීමට කටයුතු කරන බවයි. වසරකට ඩොලර් 150,000 වඩා වැඩි ආදායමක් උපයන පුද්ගලයින්ට මෙයින් සහන ලැබුනද එය පෙර පැවති යෝජනා හරහා ලැබීමට නියමිතව තිබූ අගයට වඩා අඩු ප්‍රමාණයක් වේ.
පෙර පවතී සන්ධාන රජයේ බදු සහන පැකේජයේ කොටසක් ලෙස 2019 යේදී පෙර පැවති යෝජනා සම්මත කර ගැනිනි. අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පවුල්වල ප්‍රතිලාභ සඳහා බදු කප්පාදුවේ පළමු සහ දෙවන අදියර දැනටමත් ක්‍රියාත්මක වී ඇත.
පෙර පවතී යෝජනා සමාජයේ ධනවත්ම අයට තවත් සහන දීමක්. නමුත් නව සංශෝධන අඩු සහ මධ්‍යම ආදායම් ලබන පුද්ගලයින් සඳහා වඩා හොඳ යෝජනාවක්The Australian Council of Social Service
වාර්ෂික අදායම අනුව නව සංශෝදන ඔබට බලපාන ආකාරය
සන්ධානයේ සැලැස්ම යටතේ, තුන්වන අදියරේදී සියයට 37ක පෙර පැවති බදු අනුපාතය අහෝසි කර ඩොලර් 45,000 සහ ඩොලර් 200,000 අතර උපයන ඕනෑම අයෙකු සඳහා සියයට 30 ක එක් බදු අනුපාතයක් පවතිනු ඇත.
නව යෝජනා වලට අනුව ඩොලර් 135,000 ඉක්මවන පුද්ගලයින් සඳහා පවතින සියයට 37 ක අනුපාතය රඳවා ගනු ඇත. ඩොලර් 180,000 ට වඩා උපයන අයට පැවති සියයට 45 ක ඉහළ බදු අනුපාතය ඩොලර් 190,000 ට වඩා උපයන අය සඳහා බලපාන අයුරින් වෙනස් කර ඇත.

ඩොලර් 135,000 දක්වා උපයන පුද්ගලයින් සඳහා පවතින දෙවන බදු අනුපාතය සියයට 32.5 සිට 30 දක්වා අඩු වේ. පළමු බදු අනුපාතය ලෙස පවතින සියයට 19යේ අනුපාතය සියයට 16 දක්වා අඩු වනු ඇත. මෙනිසා උපයන පළමු ඩොලර් 45000 සඳහා ගෙවීමට සිදුවන බදු ප්‍රමාණය අඩු වේ. තවද Medicare බද්ද ආරම්භ කරන අඩු ආදායම්ලාභී සීමාව ද වැඩි වනු ඇත.

පෙර පැවති සන්ධාන රජයේ තුන්වන අදියරේ බදු පැකේජය සමහර පාර්ශව මගින් විවේචනයට ලක් විය. මන්ද එය අඩු ආදායම්ලාභීන්ට වඩා ඉහළ ආදායම් ලබන්නන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා සකස්කොට තිබීමයි.
මූලික සැලැස්ම විවේචනය කළ කණ්ඩායම් කම්කරු රජයේ මෙම නව වෙනස්කම් අගයකොට ඇත.
කම්කරු පක්ෂය දුන් පොරොන්දු වෙනස් කිරීමට හේතු මොනවාද?
2018 දී සන්ධාන රජය විසින් තුන්වන අදියර බදු කප්පාදුව හඳුන්වා දුන් විට, ඕස්ට්‍රේලියානු ආර්ථිකය ශක්තිමත් ගෝලීය තත්වයන්ගෙන් වාසි ලබාගනු ඇති බව අපේක්ෂා කරන ලදී.
"ස්කොට් මොරිසන්ගේ බදු සැලැස්ම සැලසුම් කර ඇත්තේ වසර පහකට ඉහතදීය. එය කොවිඩ් වසංගතය, ගෝලීය උද්ධමනය වැඩිවීම, පොලී අනුපාත ඉහළ යාම සහ ගෝලීය ආර්ථික අවපාතය ඇතිවීමට පෙර සකස් කල සැලැස්මක්. එමගින් වර්තමානයේ ජනතාව මුහුණ දී ඇති ගැටළු වලට විසඳුමක් ලැබෙන්නේ නැ" යැයි කම්කරු රජයේ භාණ්ඩාගාරික Jim Chalmers සහ මුදල් ඇමතිනී Kathy Gallagher පවසා තිබේ.
කම්කරු රජය තමන් බලයට පත්වීමීදී ජනතාවට දුන් පොරොන්දු කඩකිරීමක් මෙම නව සංශෝධන ගෙන ඒම හරහා සිදුවන බව විපක්ෂය චෝදනා එල්ල කර සිටී.

අග්‍රාමාත්‍ය ඇල්බනීසි තම වචනය කඩ කරමින් සමාජයේ එක් කොටසකට පමණක් සහනලබාදීමේ ව්‍යායාමයක නිරත වන බවට විපක්ෂය චෝදනා කරයි.
එක් කොට්ටාසයක බලාපොරොත්තු කඩකර තවත් කොට්ටාසයකට සහන ලබාදීම සිදු නොවිය යුතු බව නියෝජ්‍ය විපක්ෂ නායිකා Sussan Ley පවසා සිටී.

