විදෙස් බලවේග ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාවන් ගැන ඔත්තු බැලීම නවත්වන්න ෆෙඩරල් පොලීසියෙන් අලුත් වැඩක්

ඔස්ට්‍රේලියානු දේශපාලනයට විදේශීය මැදිහත්වීම් සහ විදේශීය නියෝජිතයින් විසින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ඔස්ට්‍රේලියාවේ දේශීය ඔත්තු සේවය යන ද්විත්වයම මෑත සතිවල සිදුකළ අනතුරු ඇඟවීමකින් පසුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

AFP

Australian Federal Police officers are seen outside the consulate of a foreign government in Australia in 2019. Source: AAP / AAP

විදේශීය රාජ්‍යයන් විසින් තමන්ව නිරීක්ෂණය කරනු ලබන්නේ නම්, අදාළ ඔස්ට්‍රේලියානු බලධාරීන්ව දැනුවත් කරන ලෙස සංක්‍රමණික පසුබිම්වලින් ඔස්ට්‍රේලියාවට පැමිණ වෙසෙන ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය ඉල්ලයි.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් දියත් කරන ලද නව ව්‍යාපාරයක් යටතේ ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණික ජනතාවට මෙම දැනුවත් කිරීම ලබාදෙයි.
ඔස්ට්‍රේලියානු දේශපාලනයට විදේශීය මැදිහත්වීම් සහ විදේශීය නියෝජිතයින් විසින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ඔස්ට්‍රේලියාවේ දේශීය ඔත්තු සේවය යන ද්විත්වයම මෑත සතිවල සිදුකළ අනතුරු ඇඟවීමකින් පසුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

ඒ අනුව සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් සහ විදේශීය රාජ්‍යයන් විසින් ඔවුන්ව ඉලක්ක කර ඇති බවට ඔවුන් විශ්වාස කරන්නේ නම් කුමක් කළ යුතුද යන්න දැනුවත් කිරීම අරමුණු කර ගෙන ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මෙම දැනුවත් කිරීමේ ව්‍යාපාරය දියත් කර තිබේ.

විදේශීය බලවතුන් විසින් මෙහෙයවනු ඇතැයි පොලීසිය විශ්වාස කරන පුද්ගල බිය ගැන්වීම් හෝ හිරිහැර කිරීම් වාර්තා කිරීමේ ක්‍රම මෙම ව්‍යාපාරය හරහා ඔස්ට්‍රේලියානුවාසීන්ට දැනුවත් කරනු ඇත.

මෙම දැනුවත් කිරීමේ ව්‍යාපාරයට භාෂා 30කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය කිරීමට නියමිත තොරතුරු පත්‍රිකාවක් ඇතුළත් වන අතර ඔස්ට්‍රේලියානු භූමියේ සිටින ඩයස්පෝරා ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ප්‍රජා සම්බන්ධතා නිලධාරීන්ට බලය පැවරී ඇත.

ඔස්ට්‍රේලියාවට විදේශ මැදිහත්වීමේ අවදානම කෙතරම් දරුණුද?

ඔස්ට්‍රේලියාවට විදේශ මැදිහත්වීමේ අවදානම බරපතල ලෙස ඇති බවත් ඊට එරෙහිව පොලිසිය ඕස්ට්‍රේලියානු බුද්ධි අංශ සමඟ සමීපව කටයුතු කරන බවටත් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ විශේෂ විමර්ශන අණදෙන නිලධාරී Stephen Nutt පැවසුවේය.

විදේශීය මැදිහත්වීම් තර්ජන ඔස්ට්‍රේලියානු ප්‍රජාවේ එක් අංශයකට සීමා නොවන හෝ තනි ජාතික රාජ්‍යයක් විසින් සිදු කරනු ලබන ඒවා නොවන බව ඔහු පැවසීය.

"වෙනත් රටවලට එරෙහිව සතුරු ක්‍රියාකාරකම්වල යෙදෙන විදේශීය රාජ්‍ය ක්‍රියාකාරීන් ඔස්ට්‍රේලියානුවන්ව සම්බන්ධකරගෙන ඔවුන්ට මැදිහත් වීමට අවස්ථාවන් නිර්මාණය කර අනුගමනය කරමින් සිටිති, රජයේ සෑම තරාතිරමකම තීරණ ගන්නන්ගේ සිට අංශ පරාසයක් හරහා අපගේ ප්‍රජාවන් වෙත ඔවුන් පිවිසෙනවා." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

පුද්ගලයෙකුට යම් තොරතුරක් ලබා දීමට ඉදිරියට පැමිණීමට අවශ්‍ය නම් සම්බන්ධ කර ගැනීමට ක්ෂණික ඇමතුම් සහ නිර්නාමිකභාවය සහතික කිරීම ඇතුළුව විදේශීය ඇඟිලි ගැසීම් පිළිබඳ පෙනෙන අවස්ථා පිළිබඳව බලධාරීන් දැනුවත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු මෙම තොරතුරු පත්‍රිකාව මඟින් සපයනු ඇත.

විදේශීය ඇඟිලි ගැසීම් යනු කුමක්ද යන්න පිළිබඳ අවබෝධයක් නොමැතිකම හේතුවෙන්, විශේෂයෙන්ම එය වරදක් නොවිය හැකි රටවල ප්‍රජාවන් තුළ, පුද්ගලයන් විසින් නඩු වාර්තා නොකිරීම හේතුවෙන් විමර්ශනවලට බාධා එල්ල වන බව ද පොලිසිය සැලකිලිමත් වේ.

මෙම අපරාධය online තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාරවල සිට ඉලක්කගත පුද්ගලයාට හෝ ඔවුන්ගේ පවුලට විදේශයන්හි ශාරීරික හිංසන ක්‍රියාවන් දක්වා විවිධ ආකාරවලින් ප්‍රකාශ විය හැකි බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය පවසයි.
A policeman wearing a light blue uniform shirt and dark blue hat
The AFP will rely on its community liaison officers to engage with diaspora groups across Australia. Source: AAP

ඔස්ට්‍රේලියාවට විදේශ මැදිහත්වීම් ගැන බලධාරීන් මෙතරම් සැලකිල්ලක් දක්වන්නේ ඇයි?

පෙර නොවූ විරූ මට්ටමේ ඔත්තු බැලීම් ඔස්ට්‍රේලියව වෙත එල්ලවෙමින් පවතින බව හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියාව පදනම් කරගත් විරුද්ධ මත දරන්නන්ට හානි කිරීමේ අරමුණින් වෙනම විදේශීය බුද්ධි අංශ දෙකක් විසින් ලබාදුන් විශේෂිත කුමන්ත්‍රණ දෙකක විස්තර ද ASIO අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess විසින් සපයන ලදී.

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමතිනි Clare O'Neil ද මෑතකදී ඔස්ට්‍රේලියාවේ පාලන තන්ත්‍රය සෝදිසි කර රාජ්‍යය බිඳ දැමීමේ විවේචකයෙකු සම්බන්ධ කුමන්ත්‍රණයක් පිටුපස සිටින විදේශ බලවතා ලෙස ඉරානය නම් කිරීමේ අසාමාන්‍ය පියවරක් ද ගත්තේය.

විදේශ ඇඟිලි ගැසීම් පිළිබඳ ඔස්ට්‍රේලියානු නීති යටතේ චෝදනා එල්ල වූ පළමු පුද්ගලයා බවට මෙල්බර්න් පුද්ගලයෙකු 2020 අගභාගයේදී වාර්තා විය.


Share

Published

By Finn McHugh, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service