අනියම් (Casual) සේවකයින්ට ත් අසනීප නිවාඩු ලබා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සැරසෙයි

casual workers

Source: Flickr

වසර දෙකක පර්යේෂණ වැඩසටහනක් ඔස්සේ ප්‍රාන්තය තුල අනියම් (casual) සේවකයින්ට හට අසනීප නිවාඩු (sick leave) සහ පවුලේ අසනීප අයෙකු රැකබලාගැනීමට සඳහා ඇති අසනීප නිවාඩු හෙවත් Carer's leave ලබාදීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5ක වටිනාකමින් යුත් මෙම වැඩසටහන ඔස්සේ වැඩිහිටි සත්කාරක (aged care) කාර්ය මණ්ඩල සාමාජිකයින්, පිරිසිදු කරන්නන්, ආගන්තුක සත්කාරක ක්ෂේස්ත්‍රයේ යෙදී සිටිනන්, ආරක්ෂක මුර සේවාවන්හි නියුක්ත නිලධාරීන් සහ සුපිරි වෙළඳසැල් සේවකයින් වැනි පිරිස ආවරණය වේ.

මෙම Casual සේවකයින් හට සාමන්‍යයෙන් නිවාඩු නොමැති නිසා අසනීප තත්වයක සිටින විට පවා රැකියා සඳහා යාම වැළක්වීමේ අරමුණින් මෙලෙස දින පහක අසනීප නිවාඩු ඔවුනටද ලබාදීම වික්ටෝරියා ප්‍රාන්ත රජයේ අපේක්ෂාව වී තිබේ. විශේෂයෙන් මෙවැනි කොරෝනා පවතින කාල වකවානුවකදී අනියම් සේවක පදනමේ සිටින පුද්ගලයින් අසනීප තත්වයෙන් වුවද රැකියා සඳහා යාම මින් වැළකෙනු ඇතැයි බලාපොරොත්තුවේ.

මේ අනුව අනියම් සේවකයින් (casual workers) සඳහා දින පහක වැටුප් සහිත ලෙඩ නිවාඩු සඳහා වැටුප් ලබාදීමට නියමිතව තිබේ.

මෙමගින් ප්‍රාන්තයේ අනියම් සේවකයින් 600,000 කට පමණ යුක්තිය ඉටුවන බව වික්ටෝරියානු භාණ්ඩාගාරික Tim Pallas පවසයි

නව වැඩපිළිවෙලෙහි පවතින අයහපත් බලපෑම සම්බන්ධයෙන් මේ වන විට ජාතික විවාදයක් මතුව තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් The Australian Industry Group පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිපත්තිය ජාතික රැකියා ප්‍රමිතීන්ට අනුකූල නොවන අතර එය ව්‍යාකූලත්වයට හේතු වනු ඇති බවයි.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ලේකම් Sally McManus මෙම සැලැස්ම පිළිගෙන ඇති අතර අනාරක්ෂිත රැකියාවන්හි යෙදීමෙන් වලකින ලෙස ඔහු ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු පක්ෂ සෞඛ්‍ය ප්‍රකාශක Chris Bowen අවධාරණය කොට සිටින්නේ අනාරක්ෂිත සේවකයින්, සෞඛ්‍ය සේවකයින්ට පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියානු සමාජයටම තර්ජනයක් වන බවයි.


Share

Published

Updated

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service