හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති බවත් අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ වාර්තාව පිළිබඳ විශේෂ ප්‍රකාශක් සිදු කරමින් ඊයේ (03/01) පවස්වරුවේ ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.
අර්ජුන් මහේන්ද්‍රගේ හා මහ බැංකු නිලධාරීන්ගේ සහයෝගයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම නීතියානු නොවන ආකාරයෙන් මුදල් ඉපැයු බවද එම වාර්තාවේ සඳහන් වන බව වාර්තා විය.
මේ අතර ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස් තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව වගකීමෙන් බැඳෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට විරුද්ධව අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බවත් මෙම බැඳුම්කර වාර්තාවේ සඳහන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවසුවේය.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඒ අනුව මෙය ජනතාවට විවෘත වාර්තාවක් බවට පත් කිරීමටත් අදාළ කටයුතු විධිමත්ව හා නීතියානුකූලව සිදු කිරීමට, නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරියේ දී කඩිනම් පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
මේ අතර අදාළ වගඋත්තරකරුවන්ට නඩු පැවරීමේ දී එම නඩුවලට අවාසි සහගත නොවන ලෙස මෙම කොමිසමේ කරුණු ඉදිරිපත් විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
Daily News සහ Daily Mirror ඇසුරෙනි.

