SKIP TO MAIN CONTENT

අද මධ්‍යම රාත්‍රියේ සිට සිඩ්නි බස් රියදුරන් 1200 ක් වැඩ වරති.

Sydney Bus Strike
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සිඩ්නි නුවර කාර්ය බහුලතම බස් මාර්ග වල ඇතැම් බස් රථ ධාවනයන් පුද්ගලිකකරණීය කිරීමට ප්‍රාන්ත රජයේ තීරණයට විරෝධය පෑමක් ලෙස අද (18/05) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වාර්තා වේ.

සිඩ්නි බස් රථ රියදුරන් 1200 ක් පමණ මෙම වැඩ වර්ජනයට සහභාගී වීමට අපේක්ෂා කරන බව දුම්රිය, ට්‍රෑම් සහ බස් වෘත්තීය  සංගමය (RTBU) පවසයි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් සිඩ්නි නුවර ඇතුළු බටහිර කලාපයට මෙන්ම දකුණු කලාපයට බලපෑම් ඇතිවෙනු ඇතැයි සඳහන්.

මෙලෙස ප්‍රාන්ත රජය පුද්ගලිකකරණය කිරීමට යන සිඩ්නි බස් රථ ඩිපෝ අතර  Leichhardt, Burwood, Kingsgrove සහ Tempe යන බස් රථ ඩිපෝ ඇති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now