SKIP TO MAIN CONTENT

අග්නිදිග ආසියානු රටවල නියෝජිතයින් සමග විශේෂ ආසියාන් සමුළුව හෙට සිඩ්නි නුවරදී ඇරඹේ.

ASEAN Australia Summit 2018
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ආසියාන් සංගමයේ විශේෂ සමුළුව හෙට (17/03) සහ අනිද්දා (18/03)  දිනවල සිඩ්නි නුවරදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අග්නිදිග ආසියානු රටවල මිත්‍රත්වය සහ සහයෝගීත්වය වර්ධනය කිරීම උදෙසා පිහිටුවනු ලැබූ ආසියාන් සංගමයේ මෙවර පැවැත්වෙන විශේෂ සමුළුවේදී කලාපයේ ආරක්ෂාවට ඇතිවී තිබෙන තර්ජන සහ ව්‍යාපාරික අභියෝග පිළිබද මූලික වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇත.

මේ අතර මෙවර සමුළුවේදී කලාපයේ ඇතැම් රටවල මානව හිමිකම් කඩවීම් පිළිබඳ සාකච්ඡාවට බඳුන් කරන ලෙස මානව හිමිකම් සංවිධාන අගමැති ටර්න්බුල් හට දන්වා සිටියි.

විශේෂයෙන්ම කාම්බෝජයේ සහ ඇතිවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියා සහ මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගත ගැටලුව සම්බන්ධයෙන් එහිදී ඔවුන් විශේෂ අවධානය යොමු කරන ලෙස අගමැතිවරයාට දන්වා සිටියි.

මෙම ගැටළු සම්බන්ධයෙන් මුනිවත රැකියහොත් අයහපත් ප්‍රතිඵල අත් දැකීමට සිදුවනු ඇති බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන Amnesty  ආයතනයේ Claire Mallinson පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now