SKIP TO MAIN CONTENT

අසේල ගුණරත්න අවසාන බලාපොරොත්තුව අබියස.

Asela Gunaratne
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ මැද පෙළ පිතිකරුවකු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර තවත් තරගයකට හෝ දෙකකට සහභාගි විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.

ජාතික කණ්ඩායමට එක්වීමේ අදහසින් පසුගිය බදාදා පුහුණු තරගයකට සහභාගිවූ අසේල ගුණරත්නගේ නවතම තත්ත්වය පිළිබඳ කළ විමසීමකදී තේරීම් කමිටු නිලධාරියෙක් ඊයේ මේ බව හෙළි කළේය.

ටෙස්ට් තරග 6 කදී ශතකයක්ද සමගින් ලකුණු 455 ක් ලබා ඇති අසේල ගුණරත්න පසුගිය දා ඉන්දීය පිලට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී තුවාල ලැබීය.

උඩපන්දුවක් රැකගැනීමට යාමේදී පන්දුව වැදීම නිසා ඔහුගේ වම් අතේ මහපටැඟිල්ලේ අස්ථියක් බිඳී යාමෙන් ඔහුට ඉන්දීය සංචාරය මෙන්ම පාකිස්තානු සංචාරයද අහිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now