SKIP TO MAIN CONTENT

ජාතිවාදය අවුස්සන දේශපාලකයින්ව රකිමින් ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් නිහඬ කිරීම පිළිබඳ අස්ගිරි මහා විහාරයේ අප්‍රසාදය.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ගලබොඩ අත්තේ ඥානසාර හිමිගේ ආවේගකාරී හැසිරීම් සහ අදහස් ප්‍රකාශන ශෛලිය අනුමත නොකරන නමුත් ඒ හිමියන්ගේ මතවාද බැහැර නොකරන බව අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව ප්‍රකාශ කරයි.

 

ජාතිවාදී හැඟීම් උද්දීපනය කරන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරණ උත්සාහයට  අප්‍රසාදය පළ කරන බවත්, මෙනිසා ඉදිරියේ දී රට තුළ යම් නොසන්සුන්කාරී පසුබිමක් නිර්මාණය  වුවහොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය බාර ගත යුතු බවත් අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව පවසයි.

 

එම සංඝ සභාවේ සම්මතයෙන් සකස් කළ නිවේදනය ප්‍රකාශයට පත් කරමින් වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානාහිමියෝ මේ බව සඳහන් කළහ.

 

ජාතික සංහිඳියාවට මුවාවී සිදු කරනු ලබන රක්ෂිත හා ඒ ආශ්‍රිත ඉඩම් මංකොල්ලය සහ  උතුරු නැගෙනහිර සිදුවෙමින් පවතින පුරාවස්තු විනාශ කිරීම වහා නතර කිරීමට රජය කටයුතු කළ යුතු බව අවධාරණය කරන මහා නා හිමියෝ මේ සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම තවදුරටත් සිදුවිය යුතු බව ද කියති.

 

සිංහල ජාතිය වඳ කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් පිළිබඳව පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය මඟින් විවිධ වාර්තාවන් පල කරන අතර ඒවායෙහි සත්‍ය අසත්‍යතාව සොයා බලා නිසි පියවර ගැනීම රජයේ සුවිශේෂී වගකීමක් බව අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now