Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

කැන්ගරුවන් අළු බඳුන ඩැහැ ගනී.

Two quick wickets to Pat Cummins have taken Australia to a 4-0 Ashes win over England at the SCG
Source: AAP

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළු බඳුන ටෙස්ට් තරගාවලිය යටතේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති පස්වන සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 123 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර සමත් විය.

එංගලන්තය සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 346 ක් රැස් කළ අතර ඔස්ට්‍රේලියාව සිය පළමු කඩුලු 7 කට ලකුණු 649 ක් ලබා සිටියදී අත්හිටුවා එංගලන්තයට දෙවැනි වරට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඔස්ට්‍රේලියානු පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු  වන ජෙෆ්රි මාෂ්  ගේ පුතුන් දෙදෙනා වන මිචෙල් මාෂ් සහ ෂෝන් මාෂ් දෙදෙනාම ශතක ලබා ගැනීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.

කෙසේවෙතත් සිය දෙවැනි ඉනිම සඳහා එංගලන්තයට ලබා ගැනීමට හැකි වුයේ සියල්ලන්ම දැවී ලකුණු 180 ක් පමණි.

මේ අනුව 2017-18 අළු බඳුන තරගාවලිය ඔස්ට්‍රේලියාව 4-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

අවසන් තරගයේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් හට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් හට හිමි විය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now