SKIP TO MAIN CONTENT

අළු බඳුන පළමු ටෙස්ට් තරගය : ඔස්ට්‍රේලියාව කඩුලු 10 කින් ජය ගනියි.

Ashes 2017, 1st Test
during day four of the First Test Match of the 2017/18 Ashes Series between Australia and England at The Gabba on November 26, 2017 in Brisbane, Australia. Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ අවසාන දිනය වන අද (27/11) දිනය නිමාවීමට ප්‍රථම ඔස්ට්‍රේලියාව කඩුලු 10 කින් තරගය ජයගන්නට සමත් විය.

බ්‍රිස්බන් නුවර ගබා ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 302 ක් රැස් කළේය.

ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 328 ක් ලබා ගත්තේය.

එහිදී ඔස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 141 ක් ලබාගත් අතර ෂෝන් මාෂ් ලකුණු 51 ක් ලබා ගත්තේය.

ඉන් අනතුරුව දෙවැනි ඉනිම ඇරඹු එංගලන්ත කණ්ඩායම ලකුණු 195 කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය.

එංගලන්ත නායක ජෝ රූට් ලකුණු 51 ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් හට හිමි විය.

ඒ අනුව මෙවර අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයගැනීමට සමත් වීමත් සමග ටෙස්ට් තරගවලිය 5-0 ක් ලෙස ඔවුන් ඉදිරියෙන් සිටියි.

අළු බඳුන ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන දෙසැම්බර් 02 වන දින ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now