SKIP TO MAIN CONTENT

මෙවර Australian Open පැරදුනත් කාන්තා ටෙනිස් ලොව අංක 1 රැකගත් ඔසී ටෙනිස් කෙල්ල

Ashleigh Barty
Ashleigh Barty

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ලෝක කාන්තා ටෙනිස් සංගමය මඟින් සිදුකැරුණු ලැබූ නවතම ශ්‍රේණි ගත කිරීමට අනුව පළමු ස්ථානය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකා ඈෂ්ලි බාර්ටි සමත්ව තබේ. මේ වසරේ පැවති ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟවලියේ අවසන් පූර්ව වටයේ දී ඇමරිකානු ටෙනිස් ක්‍රීඩිකා සොෆියා කෙනින්ට පරාජය වුවද ඈෂ්ලි බාර්ටි කාන්තා ටෙනිස් සංගමය ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටීමට සමත් වීම විශේෂත්වයකි.

කාන්තා ටෙනිස් සංගමය මඟින් සිදුකැරුණු ලැබූ නවතම ශ්‍රේණි ගත කිරීමට අනුව රුමේනියාවේ සිමෝනා හැලෙප් සහ චෙක් ජනරජයේ කැරොලිනා ප්ලිස්කෝවාට පිලිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන දිනාගෙන තිබේ.

මේ වසරේ (2020) පැවති ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟවලියේ අවසන් පූර්ව වටයේ දී ඈෂ්ලි බාර්ටි පරදා ජයලැබූ සොෆියා කෙනින් ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවෙයි.

එසේම ලොව කාන්තා ටෙනිස් සුපිරි ක්‍රීඩිකාව ලෙසට නම්දරා සිටින සෙරීනා විලියම්ස් හට මෙවර ශ්‍රේණිගත කිරීමේ හිමිව ඇත්තේ 9 වන ස්ථානයයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now