SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු පොලීසියේ දෙවැනි ප්‍රධානියා වර්ගවාදියෙකු වෙයි.

Assistant commissioner of Victoria Police quits over links to racist comments
Assistant commissioner of Victoria Police Brett Guerin Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසියේ සහකාර කොමසාරිස් සහ ආචාර ධර්ම ප්‍රමිතීන් පිළිබඳ අංශයේ ප්‍රධානී Brett Guerin සේවයෙන් ඉල්ලා අස්වී තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසියේ හිටපු පොලිස් කොමසාරිස්වරිය වන Christine Nixon සම්බන්ධයෙන් YouTube වෙබ් අඩවියේ වර්ගවාදී ප්‍රකාශයක් සටහන් කිරීමේ සිදුවීමක්  Fairfax Media වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු ඊයේ (26/02) රාත්‍රියේදී තම ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී තිබේ.

ඔහු අනෙකුත් පුද්ගලයින්ව දැඩි ලෙස  විවේචනය කිරීමට Vernon Demerest නමැති අන්වර්ථ නාමය යොදාගෙන ඇති අතර පසුව ඒ Brett Guerin  බව අනාවරණය කරගෙන ඇත.

Vernon Demerest නමැති අන්වර්ථ නාමය යොදාගෙන AFL, රග්බී ලීගය, ක්‍රිකට් තරග සහ ජාතික ගීය කාන්තාවන් විසින් ගායනා නොකළ යුතු බව පවසමින් වර්ගවාදී අදහස් ඔහු අනතර්ජාලය ඔස්සේ ප්‍රකාශ කර ඇති බවද පසුව අනාවරණය විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now