!!..ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! - ඕස්ට්‍රේලියානු තරුණ පරපුරේ අංක එකේ අවධානයට නීති විරෝධී සංක්‍රමණික ගැටළුව හසු වෙයි.

තම ඡන්දය ලබා දෙන පක්ෂ පිළිබඳ කළ විමසුමේදී 38%ක් ග්‍රීන්ස් පක්ෂයටද 34%ක් කම්කරු පක්ෂයටද 22%ක් ලිබරල් සභාගයටද ලබා දෙන බව හෙළිවී තිබේ.

Australian Youth

A "Let Them Stay" rally held in front of Flinders St train station in Melbourne Source: AAP

ඔස්ට්‍රේලියානු  තරුණ පරපුර වඩාත් උනන්දු වන මාතෘකාව බවට නීති විරෝධී සංක්‍රමණිකයින්ගේ ප්‍රශ්නය පත්ව ඇතැයි නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.

මීට අමතරව නිවාස ඉදිකිරීම හා බදු සංශෝධන වලට වඩා කාලගුණික විපර්යාසයන් සහ සම විවාහ අයිතීන් පිළිබඳ ඔස්ට්‍රේලියානු  තරුණ පරපුර  උනන්දුවක් දක්වන බවද එම පර්යේෂණයෙන්  අනාවරණය වී තිබේ.

වයස අවුරුදු 12ත් 25ත් අතර තරුණ තරුණියන් 3369ක් යොදාගනිමින් සිදු  කළ මෙම පර්යේෂණය සඳහා 3369ක් සහභාගී වී ඇත.

තරුණ තරුණියන්ට නිතරම පාහේ  එල්ලවන චෝදනාවක්  වන්නේ රටේ ඇතිවන දේශපාලනික කාරණා වලදී ඔවුන් උදාසීන ප්‍රතිචාර දක්වන බවයි.

නමුත් තරුණ කටයුතු පිළිබඳ විධායක කේටි ඒක්සන් පවසන පරිදි ජාතික වැදගත්කමක් උසුලන කාරණා වලදී සහ තමන්ගේ ජීවිත වලට මෙන්ම රටේ ආර්ථිකයට බලපාන කාරණා පිළිබඳව  තරුණ තරුණියන් දක්වන්නේ කැපී පෙනෙන උනන්දුවක් බවයි.

ඉහත පර්යේෂණයට අනුව 21%කගේ ප්‍රමුඛ උනන්දුව නීති විරෝධී සංක්‍රමණිකයින්ගේ ප්‍රශ්නය බව වාර්තා  වෙයි. මීට අමතරව 19%ක් සම විවාහ අයිතීන් පිළිබඳවද 16%ක් කාලගුණික විපර්යාසයන් පිළිබඳවද උනන්දුවක් දක්වන බවද වාර්තා වෙයි.

මීට අමතරව තම ඡන්දය ලබා දෙන පක්ෂ පිළිබඳ කළ විමසුමේදී 38%ක් ග්‍රීන්ස් පක්ෂයටද 34%ක් කම්කරු පක්ෂයටද 22%ක් ලිබරල් සභාගයටද ලබා දෙන බව හෙළිවී තිබේ.


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now