ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිව් දෙනෙකුද, ක්වීන්ස්ලන්තයේ දෙදෙනෙකුද corona වයිරසය වැළදී ඇති සැක පිට පරීක්ෂාවට ලක් වෙමින් පවතී. නමුත් මෙම පුද්ගලයන්ගේ අනන්‍යතාව NSW සෞඛ්‍ය සේවාව හෙළි නොකරන බව ප්‍රකාශ කොට ඇත.
මේ වන විට චීනයේ මෙම රෝගය නිසා 25 දෙනෙකු මිය ගොස් තිබේ
NSW සෞඛ්‍ය සේවාව ප්‍රකාශ කරන්නේ වයිරසය වැළදී ඇති බව තහවුරු වුව හොත් එය මහජනතාවට දන්වන බවයි. මේ පරීක්ෂාවට ලක්වුවන්ගෙන් දෙදෙනෙකුට රෝගය නැති බව තහවුරු වී තිබේ.
මේ වන විට ක්වීන්ස්ලන්තයේ සය දෙනෙකු පරීක්ෂාවට ලක් වී රෝගය නැති බව තහවුරු වී ඇති අතර දෙදෙනෙකු තවමත් පරීක්ෂාවට ලක්වේ.
ක්වීන්ස්ලන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනි වෛද්‍ය Jeannette Young ප්‍රකාශ කරන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයා හමු වෙන ලෙසයි.
මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙම වයිරසය වැළදුණු අයෙක් වාර්තා වී නැහැ.
ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය Brendan Murphy පවසන්නේ ඕස්ට්‍රේලියාවේ එම රෝගය වාර්තා වුව හොත් ඒ සදහා ක්‍රියා කිරීමට අවශ්‍ය සුදානමක් ඇති බවයි. දැනට මෙම වයිරසයෙන් මිය ගොස් ඇත්තේ රෝගී පුද්ගලයන් හා වැඩිහිටි පුද්ගලයන් බවත් පැවසේ. මෙම වයිරසය චීනයෙන් ආරම්භ වී ඇමෙරිකාව , වියෙට්නාමය හා ජපානයේ හා රටවල් 7ක වාර්තා වී ඇත.
මහාචාර්ය Murphy ඕස්ට්‍රේලියානුවන් මේ පිළිබද කලබල විය නොයුතු බව පැවසුවත් සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසා ඇත්තේ හදිසි අවස්තාවක් ඇති වුව හොත් ක්‍රියා කිරීමට සැලැස්මක් ඇති බවයි. චීනයේ මේ වන විට 830 දෙනෙකු ට මෙම වයිරසය ආසාධනය් වී ඇති අතර විදේශයන්හි 14 දෙනෙකු හට මෙය ආසාධනය වී ඇත. එසේම චීනයේ වුහාන් නගරය මේ වන විට වසා දමා තිබේ. ඒ අනුව එම නගරයේ මිලියන 7.5 ක ජනයාට ප්‍රවාහන සේවා වලින් නගරයෙන් ඉවත් වීමට නොහැකි වී තිබේ
මෙම වුහාන් නගරය වසා දැමීමට පෙර අවසන් ගුවන් යානයක් එහි සිට සිඩ්නි නුවර බලා පැමිණියා. එම යානයේ පැමිණි සියලු දෙනාම පරීක්ෂාවට ලක්ව තිබේ.
ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton පවසන්නේ මෙම රෝගය විදේශයන්ගෙන් පැමිණීම වැලක්වීමට සියලු ඉහල ප්‍රමිතියේ ක්‍රියාමාර්ග ගන්න බවයි.
මෙම රෝගය පැතිරීම චීනයේ වුහාන් හි නීති විරෝදී ලෙස මැරු සතුන්ගේ මස් ඇතුලත් වෙළද පොලක ආරම්භ වූ බවට වාර්තා වේ.
Source:SBS News

