Pfizer ළමා එන්නත වයස අවුරුදු 5 සිට 11 දක්වා අවදානමට ලක්විය හැකි දරුවන්ට බූස්ටර් එන්නතක් ලෙස හෝ සිව්වන මාත්‍රාවක් ලෙස ලබා දිය හැකි බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) පැවසුවේය.
මෙලෙස බූස්ටර් මාත්‍රාවට අවසර දෙනු ලබන්නේ දැඩි ලෙස ප්‍රතිශක්තිකරණය හීන වීමට ලක් වූ සහ ආබාධිත හෝ සංකීර්ණ බහු සෞඛ්‍ය ගැටළු තත්වයන් ඇති දරුවන්ට පමණක් බව ඔවුන් පැවසීය.
ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම මෑත කාලීන COVID-19 ආසාදනය හෝ ප්‍රාථමික එන්නත සහ බූස්ටර් මාත්‍රාව අතර මාස තුනක පරතරයක් නිර්දේශ කරයි.
දැඩි ලෙස ප්‍රතිශක්තිකරණය හීන වීමට ලක් වූ දරුවන් තුන්වන ප්‍රථමික මාත්‍රාව සඳහා සුදුසුකම් ලබයි.
Moderna හි Spikevax සහ bivalent එන්නත් දැනට මෙම වයස් ඛාණ්ඩයට ලබා දීමට අවසර නැත.
කෙසේ වෙතත්, කම්කරු රජය ඇමෙරිකාව හා එක්සත් රාජධානියට සමාන long COVID සඳහා නිශ්චිත ප්‍රතිපාදන වෙන් නොකළ බවට විවේචනවලට මුහුණ දුන්නේය.
තම රජය long COVID පිළිබඳ පර්යේෂණ සඳහා අරමුදල් සපයන බව එම විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය Mark Butler කියා සිටියේය.
long COVID සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව එනතුරු රජය බලා සිටින බව ද ඔහු පැවසීය.
දෙසැම්බර් මාසයේදී COVID වියදම් සඳහා ප්‍රාන්ත සමඟ 50-50 වියදම් බෙදාගැනීමේ විධිවිධානය අවසන් කිරීමට කම්කරු රජය ගත් තීරණය ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ (AMA) විවේචනයට ලක්ව ඇත.
එය රෝහල්වලට විනාශකාරී බලපෑමක් ඇති කරන බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය පැවසීය.
අනිවාර්ය ස්වයං නිරෝධායනය ඔක්තෝබර් 14 දිනෙන් අවසන් වුවද COVID-19 රෝගීන් අඩු වී ඇති බව ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.
ග්‍රීෂ්ම කාලයේ නව කොවිඩ් රැල්ලක් සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාන්තවල ප්‍රධාන වෛද්‍ය නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇති බව ද ඔහු පැවසීය.
ඇමෙරිකාවේ ජනාධිපති Joe Biden මේ සතියේ යාවත්කාලීන කරන ලද කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා ගත්තේය..
එය ඔහුගේ තුන්වන බූස්ටර් එන්නත හෝ පස්වන කොවිඩ් එන්නත වේ.
ආශ්වාස කළ හැකි COVID-19 බූස්ටර් මාත්‍රාවක් ලබාදීම සිදුකළ ලොව පළමු නගරය බවට Shanghai පත්ව ඇත.
මෙම එන්නත චීන ජෛව ඖෂධ සමාගමක් වන CanSino විසින් සංවර්ධනය කරන ලද අතර සැප්තැම්බර් මාසයේදී ඊට අනුමැතිය ලබා ගන්නා ලදී.
ඔක්තෝබර් 23 න් අවසන් වූ සතිය තුළ නව සතිපතා ගෝලීය COVID-19 රෝගීන් 15% කින් සහ මරණ 13% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම වාර්තාවේ සඳහන් කරයි.
ජර්මනිය, ප්‍රංශය, චීනය, ඇමෙරිකාව සහ ඉතාලිය වැඩිම ගෝලීය COVID-19 රෝගීන් වාර්තා කර ඇත.
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

