ATAGI හෙවත් ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම වයස අවුරුදු 12 සහ ඊට වැඩි සුදුසුකම් ලත් පුද්ගලයන් සඳහා Moderna BA.4/5 bivalent booster මාත්‍රාව අනුමත කර ඇත.
ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක අධිකාරිය පෙබරවාරි 17 වන දින මෙම එන්නත අනුමත කරන ලදී.
ඔස්ට්‍රේලියාව විසින් මෙම එන්නතේ මාත්‍රා මිලියන තුනක් ඇණවුම් කර ඇති අතර සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන්ට අප්‍රේල් මාසයේ සිට ඒවා ලබාගත හැකිය.
ජාතික ඖෂධ තොග ගබඩාව සතු වැඩි විනිවිදභාවය සහ තොග සඳහා ප්‍රවේශය පිළිබඳ අටවැනි නිර්දේශය මධ්‍යම රජය අර්ධ වශයෙන් පිළිගත්තේය.
ආරක්‍ෂක තත්ත්වයට හානි විය හැකි බලපෑම් හේතුවෙන් ඇතැම් තොරතුරු නිකුත් නොකරනු ඇති බව රජය පැවසීය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය 2022 අප්‍රේල් මාසයේදී 35.6% සිට 2022 අගෝස්තු මාසයේදී 52.9% දක්වා ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ නව පර්යේෂණයකින් පෙන්නුම් කළේය.
2023 ජනවාරි මාසයේදී එය 51% හි ස්ථාවරව පැවතුනි.
මෙම පර්යේෂණය 2020 අප්‍රේල් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ වසංගතයේ බලපෑම නිරීක්ෂණය කරන COVID-19 බලපෑම් අධීක්ෂණ සමීක්ෂණයේ කොටසකි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මේ සතියේ කොවිඩ් ආසාදිතයින් 7,163 ක් වාර්තා කළ අතර පසුගිය සතියේ එය 6,545 ක් විය.
වික්ටෝරියා ප්‍රාන්තය පසුගිය සතියේදී කොවිඩ් ආසාදිතයින් 3,052 ක් වාර්තා කළ අතර මේ සතියේදී 3,016 ක් වාර්තා කරයි.
පුළුල් පරාසයක ජනතාවට කොවිඩ් එන්නත් අනිවාර්ය කිරීම අවසන් කරන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet ඉල්ලා සිටියේය.
COVID වෛරසය සම්ප්‍රේෂණය කිරීමට එරෙහි එන්නත් කිසිදු බලපෑමක් ඇති කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඔහු සිඩ්නි නුවර 2 GB ගුවන් විදුලියට පැවසුවේය.
තමාගේ බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස වික්ටෝරියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Brett Sutton ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
බොහෝ වික්ටෝරියානුවන් මාස හයකට පෙර අවසන් මාත්‍රාව ලබා ගත් බවත් “දැන් ප්‍රතිශක්තිය සැලකිය යුතු ලෙස අඩු වී ඇති” බවත් ඔහු පැවසීය.
COVID-19 වසංගතය විද්‍යාගාර කාන්දුවක් හේතුවෙන් ඇති වූවක් විය හැකි බව ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ Christopher Wray, Fox News වෙත පැවසුවේය.
කොවිඩ් වසංගතයේ මූලාරම්භය බොහෝ විට Wuhan හි රසායනාගාර සිදුවීමක් බව FBI විසින් බොහෝ කලක සිට තක්සේරු කර ඇති බව ඔහු පැවසීය.
පසුගිය දින 28 තුළ ගෝලීය COVID රෝගීන්ගේ 76% ක අඩුවීමක් සහ මරණ සංඛ්‍යාව 66% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම වාර්තාවේ සඳහන් කරයි.
ඇමෙරිකාව, ජපානය, චීනය, ජර්මනිය සහ කොරියාව රටවල් මට්ටමින් වැඩිම COVID රෝගීන් වාර්තා කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට BF.7, BQ.1, BA.2.75, CH.1.1, XBB, XBB.1.5 සහ XBF යන Omicron උප ප්‍රභේද හත පිළිබඳ නිරීක්ෂණය කරයි.
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

