SKIP TO MAIN CONTENT

ඩොලර් මිලියන 165 ක මුදල් වංචාවකට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්ගේ පුතු පොලිස් අත් අඩංගුවට.

Crime
Source: ABC Australia

1 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 165 ක පමණ මහා පරිමාණ මුදල් වංචාවක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් Michael Cranston ගේ පුතු, Adam Cranston ඊයේ (17/05) දිනයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම මහා පරිමාණ මුදල් වංචාවට සම්බන්ධවූ පුද්ගලයින් 9 දෙනාගෙන් Adam Cranston එක් අයෙකු බව පොලීසිය පවසයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය මේ සම්බන්ධයෙන් සිදු කළ හදිසි වැටලීම් වල ප්‍රතිපලයක් ලෙස සිඩ්නි නුවර Bondi වෙරළ තීරය අභියස ඇති Adam ගේ තට්ටු නිවාසයේ සිටියදී ඔහුව මෙලෙස පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

30 හැවිරිදි වියෙහි පසුවන Adam Cranston අද (18/05) පස්වරුවේ සිඩ්නි උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now