වංචනික ක්‍රියා නිසා තාවකාලිකව නවතා දැමූ Superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලිය නැවත ඇරඹේ

Australians can now apply to access their superannuation.

Paano mag-set up ng sariling superfund kung cash ang binabayad sayo ng iyong employer? Source: AAP

වංචනික ක්‍රියා හේතුවෙන් තාවකාලිකව නවතා දමාතිබු Superannuation ගිණුමෙන් ඩොලර් 10,000 ක් දක්වා වන මුදල් ලබාගැනීමේ ක්‍රියාවලිය නැවත ආරම්භකිරීමට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය කටයුතු කරයි.

කොරෝනා වසංගතයෙන් මූල්‍යමය වශයෙන් පීඩාවට පත්ව සිටින ඕස්ට්‍රේලියානුවන්ට මෙම මූල්‍ය වර්ෂයේ දී සහ මීළඟ මුල්‍ය වර්ෂයේදී තම Superannuation ගිණුමෙන් ඩොලර් 10,000 ක් දක්වා වන මුදලක් ඉල්ලුම් කිරීමේ අවස්ථාව රජය විසින් සලසා දෙන ලදී.

කෙසේ වෙතත්, වංචනිකව Superannuation ගිණුම් හිමියන්ගේ පුද්ගල අනන්‍යතා සොරකම් කිරීම හේතුවෙන් පුද්ගලයින් 150 දෙනෙකුට තම Superannuation ගිණුම් වලින් ඩොලර් 120,000 ක් අහිමි වී ඇති බවට පසුගිය සතියේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් හෙළිකරගැනීමෙන් අනතුරුව මෙම ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවන ලදී.

ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් දැනටමත් තම පද්දතියෙහි ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව සහකාර භාණ්ඩාගාරික Michael Sukkar පවසා සිටී. එහෙයින් නැවතත් අයදුම් පත්‍ර අධීක්ෂණය ආරම්භ කොට තිබේ.


Share

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now