SKIP TO MAIN CONTENT

Superannuation සඳහා අයදුම් කල පුද්ගලයින්ගේ ගිණුම් වලට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය මගින් මුදල් බැරකිරීමේ කටයුතු ආරම්භ කරයි

Australian Dollars
Australian Dollars Source: Flickr

2 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

COVID-19 වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ට සහ විශේෂයෙන්ම තාවකාලික වීසා හිමියන් හට සහනයක් ලෙස සිය Superannuation ගිණුමෙන් මුදල් ගැනීමට අවස්ථාව ලබාදෙන බව පසුගියදා මධ්‍යම රජය ප්‍රකාශ කොට තිබුණි. මේ අනුව පසුගිය සඳුදා (20) මෙලෙස සිය  Superannuation ගිණුමෙන් මුදල් ලබාගැනීම සඳහා අයදුම් කිරීමට ජනතාවට අවකාශය හිමිවූ අතර මේ වනවිට අයදුම් පත් 456,000 ක් ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය මගින් අනුමත කොට තිබේ.

"මුදල් ඉදිරි දින 5 ඇතුලත අදාළ ගිණුම් වෙත බැර කෙරේ"

මෙලෙස අනුමත වූ අයදුම්පත් වලට අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 3.8ක මුදලක් එම පුද්ගලයින්ට ලබාදීමට නියමිත අතර ඉදිරි දින 5ක කාලය ඇතුලත එම මුදල් ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන බව ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය සඳහන් කොට තිබේ.


සවන්දෙන්න SBS  සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

සජීවීව සහ පසුව වැඩසටහනට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න.


Treasurer Josh Frydenberg
Treasurer Josh Frydenberg speaks to the media at a press conference in Canberra, Thursday, April 23, 2020. Source: AAP Image/Mick Tsikas

මේ පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය භාණ්ඩාගාරික Josh Frydenberg සඳහන් කොට ඇත්තේ දැනට Superannuation ගිණුමෙන් මුදල් ලබාගැනීම පිළිබඳව සමස්තයක් ලෙස සැලකීමේදී, එක් පුද්ගලයකුගේ මුදල් ලබාගැනීමේ සාමාන්‍යය ඕස්ට්‍රේලියානු ඩොලර් 8.000 ලෙස වාර්තා වී ඇති බවයි. නමුත් මෙම මුල්‍ය වර්ෂය තුලදී ඕස්ට්‍රේලියානු ඩොලර් 10,000ක් සහ එළඹෙන මුල්‍ය වර්ෂය තුලදී නැවතත් ඕස්ට්‍රේලියානු ඩොලර් 10,000ක් දක්වා මුදලක් ලබාගැනීමේ හැකියාව ජනතාවට පවතින බව භාණ්ඩාගාරික Josh Frydenberg  නැවතත් අවධාරණය කොට තිබේ.

නමුත් ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයේ (ATO) වෙබ් අඩවිය සඳහන් කරන පරිදි මෙලෙස 2019 - 2020 මෙම මූලය වර්ෂය සහ 2020 - 2021 මීළඟ මූලය වර්ෂය යන දෙකෙන්ම මෙලෙස ඩොලර් 10,000 ක මුදල් ප්‍රමාණය දෙවරක් අයදුම් කල හැක්කේ ඕස්ට්‍රේලියානු ස්ථිර පුරවැසි ලාභීන්ට (citizen) සහ ස්ථිර පදිංචි කරුවන්ට (Permanent Resident) පමණකි.

තාවකාලික වීසා ලාභීන්ට සහ අන්තර්ජාතික ශිෂ්‍ය වීසා ලාභීන්ට මේ සඳහා ඉල්ලුම් කල හැක්කේ මෙම මූලය වර්ෂය (2019 - 2020) සඳහා පමණකි.

එසේම භාණ්ඩාගාරික Josh Frydenberg වැඩිදුරටත් ඔහු සඳහන් කොට ඇත්තේ JobKeeper දීමනාව සඳහා මේ වනවිට අයදුම් 275,000 ක් ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය වෙත ලැබී ඇති බවයි.

SBS News
Source: SBS News

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now