SKIP TO MAIN CONTENT

අගෝස්තු 27: වික්ටෝරියානු ප්‍රාන්තයේ ජූලි 06 න් පසුව දිනකදී වාර්තා වූ අඩුම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වේ

Aug 27: Victoria has recorded the lowest daily new cases since July 6
Source: AAP Image/Scott Barbour

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 23 ක් සමග අලුතින් කොරෝනා ආසාදිතයින් 113 ක් වාර්තා වේ.

කොරෝනා වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයකින් දිනකදී වාර්තා වූ තෙවැනි ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව මෙය වේ.

මීට පෙර අගෝස්තු 17 වන දින කොරෝනා මරණ 25 ක් ද ඊයේ (26/08) දිනයේදී කොරෝනා මරණ 24 ක් ද වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා විය.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 485 කි.

ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (27/08) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 572 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව ජූලි 06 වන දිනෙන් පසුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් දිනකදී වාර්තා වූ අඩුම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now