SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැතිවරයාට ලිංගික අපයෝජන සම්බන්ධ නිල පැමිණිල්ලක්.

AUS Deputy PM, Barnaby Joyce is facing a formal sexual harassment complaint.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති සහ නැෂනල්ස් පක්ෂයේ නායක Barnaby Joyce හට ලිංගික අපයෝජන සඳහාවූ නිල පැමිණිල්ලක් නැෂනල්ස් පක්ෂයේ කෘත්‍යාධිකාර අධ්‍යක්ෂ Ben Hindmarsh වෙත නැෂනල්ස් පක්ෂයේ  සාමාජිකයින් බාර දී තිබේ.

නැෂනල්ස් පක්ෂයේ නායක Barnaby Joyce තම මාධ්‍ය උපදේශිකාව සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් ඇය ගැබ් ගත් පුවත වාර්තා වීමෙන් අනතුරුව මේ තත්ත්වය උද්ගත වී ඇත.

මෙනිසාම Barnaby Joyce නැෂනල්ස් පක්ෂයේ නායකත්වයනේ සහ නියෝජ්‍ය අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඔහුගේ පක්ෂයෙන් බලපෑම් එල්ල වෙමින් පවතී.

නමුත් තමන් කිසි ලෙසකවත් නියෝජ්‍ය අගමැතිධුරය හෝ පක්ෂ නායකත්වය අත්නොහරින බව Barnaby Joyce ප්‍රකාශ කර ඇත.

මේ අතර නැෂනල්ස් පක්ෂයේ  සාමාජිකයින් තමන් වෙත බාරදුන් පැමිණිල්ල බරපතල ලෙස සලකන බවත් එහි පූර්ණ රහස්‍ය භාවය රැකෙන පරිදී එහි විමර්ශන කටයුතු සිදු කරන බවත් නැෂනල්ස් පක්ෂයේ කෘත්‍යාධිකාර අධ්‍යක්ෂ Ben Hindmarsh පවසයි.

මෙම ලිංගික අපයෝජන සිද්ධියත් සමග Barnaby Joyce නැෂනල්ස් පක්ෂයේ නායකත්වයනේ ඉවත් කළ යුතු බවට ප්‍රථම වරට පවසා සිටියේ වික්ටෝරියානු පාර්ලිමේන්තු මන්ත්‍රී Andrew Broad  විසිනි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැතිවරයාගේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් පිළිතුරු දීමෙන් මදක් ඉවත්වන බවත් එය නැෂනල්ස් පක්ෂය තුළින් විසඳා ගත යුත්තක් බවත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඇමෙරිකාවේ ධවල මන්දිරයෙන් පිටතදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now