SKIP TO MAIN CONTENT

Super Saturday of by-elections: කම්කරු පක්ෂය පරාජය වන බවට අනාවැකි

Federal Opposition Leader Bill Shorten speaks at the launch of the Labor campaign for the seat of Longman at the Caboolture RSL
Federal Opposition Leader Bill Shorten speaks at the launch of the Labor campaign for the seat of Longman at the Caboolture RSL Source: AAP

1 min read

Published

Updated

By Sanjaya Dissanayake, Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

එළබෙන සති අන්තයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණ (Super Saturday of by-elections) වලදී, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Longman සහ ටස්මේනියානු ප්‍රාන්තයේ Braddon ආසන කම්කරු පක්ෂය පරාජය වනු ඇති බවට නවතම සමීක්ෂණ වාර්තාවක් අනාවැකියක් පල කර තිබේ.

NewsCorp ආයතනය මගින් මෙම සමීක්ෂණ වාර්තාව එලි දක්වා ඇති අතර, සියට 49 ට 51 ක් ලෙස Longman, ආසනය වත්මන් ඕස්ට්‍රේලියානු ලිබරල් සන්ධාන රජය ජයගනු ඇති බව මෙම සමීක්ෂණ වාර්තාව සදහන් කරයි. මීට පෙර පවතී මැතිවරණයේදී මෙම ආසනය කම්කරු පක්ෂයේ Susan Lamb විසින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

තවද ටස්මේනියානු ප්‍රාන්තයේ Braddon ආසනය තුල, ප්‍රධාන පක්ෂ දෙකේ ජනප්‍රියභාවය සම තත්වයේ පැවතියද බොහෝ විට ලිබරල් අපේක්ෂක Brett Whiteley එම ආසනය ජයගනු ඇති බවට අනාවැකි පලවී තිබේ. මෙම ආසනයද 2016 වසරේ කම්කරු පක්ෂ අපේක්ෂකයා විසින් ජයග්‍රහණය කල ආසනයක් වීම විශේෂ සිදු වීමක්.

යම් හෙයකින් මෙම අතුරු මැතිවරණ වලදී සන්ධාන රජය මෙම ආසන ජයගතහොත්, විපක්ෂය සතුව පැවති ආසනයක් පාලක පක්ෂය විසින් අතුරු මැතිවරණයකදී ජයගන්නේ වසර 100කට පසුව වීමද සුවිශේෂිත්වයක්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now