SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීමට හඳුන්වාදෙන නව ඉංග්‍රීසි පරීක්ෂණය පිළිබඳ දේශපාලනික මත ගැටුමක්.

Australian citizenship
An Australian citizenship recipient holds his certificate during a citizenship ceremony on Australia Day in Brisbane, Thursday, Jan. 26, 2017. Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමේදී මේ වන තෙක් ක්‍රියාත්මක වන අවශ්‍යතාවන් වෙනස්කරමින් නව වෙනස්කම් රැගත්  පනත් කෙටුම්පත ඊයේ (15/06) දිනයේදී කැන්බරා පාර්ලිමේන්තුවට ඔස්ට්‍රේලියානු රජය විසින් ඉදිරිපත් කරනු ලැබීය.

පුරවැසිභාවයට අයදුම් කිරීමට පෙරාතුව ස්ථිර පදිංචි කරුවෙකු ලෙස වසර 4 ක කාලයක් ඔස්ට්‍රේලියාවේ වාසය කිරීම, නව චරිත පරීක්ෂණයක්, ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වය මැන බලන ඉංග්‍රීසි පරීක්ෂණය එම වෙනස්කම් අතර වේ.

මෙම නව වෙනස්කම් වලට අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කරනු ලබන පුද්ගලයින්, තමන් ඔස්ට්‍රේලියානු සමාජයට කෙතරම් ගැලපෙනවාද යන්න පිළිබඳවද ඔප්පු කළ යුතු වෙයි.

මෙම පරීක්ෂනයෙදී ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ අයදුම්කරුවන්ගෙන් ප්‍රශ්න කෙරෙනු ඇති බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය  Peter Dutton පැවසීය.

මේ අතර, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමේදී සිදු කිරීමට යන වෙනස්කම් පිළිබඳ  රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සූක්ෂම ලෙස පරීක්ෂා කළ යුතු බව කම්කරු පක්ෂය පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම යෝජිත පනතට කම්කරු පක්ෂය මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති නමුත් වෙනස් කරන ලද ඉංග්‍රීසි පරීක්ෂණය අයදුම්කරුවන්ට අසීරු වනු ඇති බවට මත පළ කර තිබේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now