SKIP TO MAIN CONTENT

කොරෝනා අවම මට්ටමේ පවතින රටවලින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ව්‍යාපාරිකයින්ට සහ ජාත්‍යන්තර සිසුන්ට පනවන නිරෝධායන කාලය අඩු කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කෙරේ

Air Travel
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය ආසාදනය වීම අවම මට්ටමේ පවතින රටවලින් පැමිණෙන ජාත්‍යන්තර ව්‍යාපාරික සංචාරකයින්ට සහ ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණි විට යෙදිය යුතු නිරෝධායන කාලය අඩු කරන ලෙස ඔස්ට්‍රේලියාව අවධානය යොමු කර ඇතැයි පැවසෙන වාර්තා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රතික්ෂේප කරයි.

පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගෙන් හරි අඩක් පමණ විදෙස් රටවල සිට පැමිණි පිරිස් වන බැවින් සති දෙකක නිරෝධායන කාලය එලෙසම ක්‍රියාත්මක විය යුතු බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන හෙද සහ වින්නඹු නිලධාරිනී Alison McMillan පවසයි.

මේ අතර ජාත්‍යන්තර සිසුන් ද ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම පිළිබඳ සාකච්ඡා කෙරෙන නමුත් ඔවුන් සඳහා ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කෙරෙන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත්ව නොමැත.

එක් එක් සංචාරක ඛාණ්ඩ සඳහා වෙන වෙනම නීති අනුගමනය කිරීම අනුමත කිරීමට ඔස්ට්‍රේලියානුවන් අකමැති බව සෞඛ්‍ය පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිත Chris Bowen පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now