SKIP TO MAIN CONTENT

නීත්‍යානුකූල හේතුවක් නැතිව ඉරාකයේ මෝසුල් නගරයට ගියොත් අවුරුදු 10 ක් හිරේ.

AIRPORT
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

නීත්‍යානුකූල හේතුවක් නොමැතිව සියලු ඔස්ට්‍රේලියානුවන්ට ඉරාකයේ මෝසුල් නගරයේ සංචාරය කිරීමට පනවා තිබූ සංචාරක තහහනම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නැවත අලුත් කර තිබේ.

පසුගිය වසරේ ජූලි මාසයේදී මෝසුල් නුවර IS සටන්කාමීන්ගෙන් මුදා ගැනුණු නමුත් තවමත් ඒ ප්‍රදේශයේ ඇතැම් සාමාන්‍ය වැසියන් ප්‍රාණ ඇපයට ගනිමින් සිටින බව වාර්තා වේ.

එනිසාම මෝසුල් නගරය තවමත් අවදානම් සහිත කලාපයක් ලෙස නම් කර ඇති බවත් නීත්‍යානුකූල හේතුවක් නොමැතිව  එහි සංචාරය කරන ඕනෑම ඔස්ට්‍රේලියානුවෙකු වසර 10 ක සිරදඬුවමකට මුහුණ දිය යුතු වන බවත් ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු ඇමතිනී Julie Bishop පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now