SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුරේ මානසික සෞඛ්‍ය නංවන්න ඩොලර් මිලියන 110 ක මුල්‍ය ප්‍රතිපාදන

mental Health
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර අතර ඇති කාංසාව සහ විෂාදය යන රෝගී තත්ත්වයන්ට එරෙහිව සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඩොලර් මිලියන 110 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අද නිවේදනය කිරීමට නියමිතය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ දරුවන් සහ තරුණ පිරිස් වල මානසික සෞඛ්‍ය පිළිබඳ ක්‍රියාකරන සංවිධානයක් වන Beyondblue සංවිධානයට එයින් ඩොලර් මිලියන 46 ක් ලබා දීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම පාසලේ පන්ති කාමරය තුළදී මානසික සෞඛ්‍ය ගැටළු ඇති දරුවන්ව හඳුනාගැනීමට අදාළ ගුරුවරුන් හට උපදෙස් ලබා දීමද සිදු කෙරෙනු ඇත.

මූලික වශයෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍ය හොඳ මට්ටමක පවත්වාගෙන යාමට පාසල් සහ ප්‍රජාවන් සහයෝගය  දැක්විය යුතු බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt, Herald Sun පුවත්පතට පැවසුවේය.

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුරේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමට රජය ගනු ලබන ඕනෑම තීරණයකට විපක්ෂය වශයෙන් සහය දෙන බව විපක්ෂයේ නියෝජ්‍ය නායිකා Tanya Plibersek පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now