SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි සම්බන්ධව ක්‍රියා කිරීමට ජාතික ලැව් ගිනි නියෝජිත ආයතනය නමින් නව ආයතනයක්

AUS government launched the National Bushfire Recovery Agency
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි සම්බන්ධව ක්‍රියා කිරීමට National Bushfire Agency හෙවත් ජාතික ලැව් ගිනි නියෝජිත ආයතනය නමින් නව ආයතනයක් පිහිටුවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ලැව් ගිනි හටගත් සෑම ප්‍රාන්තයකම ප්‍රාන්ත බලධාරීන් සමග එක්ව ගින්නෙන් පීඩිත ප්‍රජාවන් වෙත සහය සැපයීමට එම ආයතනය මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇත.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ හිටපු ප්‍රධානී Andrew Colvin මෙම නව ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

මේ අතර ගින්නෙන් විනාශ වූ ප්‍රදේශ නැවත යථා තත්ත්වයට පත් කරමින් ඔස්ට්‍රේලියාව යළි ගොඩනගන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පවසයි.

එමෙන්ම ලැව් ගිනි සම්බන්ධව තීන්දු තීරණ ගැනීම සහ ඒ සම්බන්ධව කටුයුතු කිරීම පිළිබඳ රාජකීය කොමිසමක් පත් කරන ලෙසට වන ඉල්ලීමද අගමැතිවරයා බැහැර කර නැති බවද සඳහන්.

මේ අතර පවතින තත්ත්වය මත ඔස්ට්‍රේලියාවට උපකාර කිරීමට ප්‍රංශය සූදානම් බව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ඊයේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සමග පැවැත්වූ දුරකතන සංවාදයකදී පවසා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now