SKIP TO MAIN CONTENT

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ දැවැන්තම අයවැය හිඟය අද ඉදිරිපත් කෙරෙන කෙටි අයවැය සමාලෝචනයෙන් එලි දැක්වීමට නියමිතයි

Treasurer Josh Frydenberg
The government is due to detail the next phase of the economic lifelines, JobKeeper and JobSeeker. (AAP) Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට සිදුව ඇති බලපෑම අද දිනයේදී (23/07) ඉදිරිපත්කිරීමට නියමිත සංක්ෂිප්ත අයවැය තුලින් ඉදිරිපත් කිරීමට භාණ්ඩාගාරික Josh Frydenberg සුදානම් වෙයි.

දෙවන ලෝක යුද්දයෙන් පසුව ඔස්ට්‍රේලියාවේ අයවැයෙහි වාර්තාවන දැවැන්තම අයවැය හිඟය මෙමඟින් වර්තා වීමට නියමිත බවද සඳහන්.

මේ වන විට වාර්තා වී ඇති විරැකියා අනුපාතය 7.4ක් වන අතර සේවයෙන් ඉවත්වී හෝ තාවකාලික සේවා අත්හිටුවීමට ලක්ව ඇති පිරිස 11.3ක් ලෙසට වාර්තා වේ.

මේ හේතුව නිසා ක්‍රියාකාරී ශ්‍රම වෙළඳපොල පසුබෑමකට ලක්ව ඇති අතර එය ප්‍රභලව මෙරට ආර්ථිකයට බලපෑ හැකි ආකාරය අද ඉදිරිපත්කෙරෙන සංක්ෂිප්ත අයවැය තුලින් ඉදිරිපත් කිරීමට සුදානම් බව භාණ්ඩාගාරික Josh Frydenberg පවසා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now